හීන පාට කරපු ලෝකෙක

හීන පාට කරපු ලෝකෙක එහා පැත්තේ තිබ්බ අරුම පුදුම ලෝකය මට එදා පෙනුනේ නෑ නෝනා. හිනත් එක්කම පාටත් අරගෙන ගියාම මාවත් හොදටම අසරණ උනා මැණික . මේ අරුම පුදුම ලෝකය අස්සේ කොහේදෝ තියන ඔයාගේ මායාව මට හොල්මන් කරනවා අම්මා. කියා ගන්ට බැරි මොකද්දෝ දෙයක තුඩකින් මගේ පපුව හැමදාම හුරනවා මැණික

  • Twitter
  • Beautifull love
  • You tube
  • Facebook
  • RSS

හිත මිතුරු සුළඟ Hitha mithuru sulanga



ඇත්තටම සින්දුවක් අහනකොට අපිට  දැනෙන දේ පුද්ගලයාට වෙනස්, ඒ වෙනස තමන්ගේ දැන උගත් කම මත සිදු වෙන දෙයක්, ඒ කොහොම උනත් ඒ වෙනස මත පවා අපුර්වත්වයක් ගෙනෙන්න හැකියා ව තියෙන්නේ ඒ ගීතයට ඒ ඇතුලේ පද වලට ඒවාගේ රසයට වගේම එකතු වුන සංගීතයට , මේ ලඟදි බස් එකේ එනකොට මට ඇහුන මේ ගීතය මීට කලින් කොච්චර අහලා තිබ්බත් දැනුනේ එදා. ඉතින් මට ඒ දැනිච්ච දේ                         ලොකු වචන වලින් නැතුව හැමෝටම වගේ තේරෙන්න කියන්න හිතුනා. 

    හැබැයි අද වෙනසක් තියනවා. මොකද විචාරයක් කරනවට වඩා අද සිද්ධිය වුන හැටි කියන්න තමයි මගේ අදහස , දැන් මේ සිද්ධිය මට උනා කියලා හිතාගෙන තමයි මම අද ලියන්නේ හොඳේ.


හිත මිතුරු සුළඟ ළඟ එන වැහි වළාවට කියන්
අද නොපැමින අන් දිනකට වැසි රැගෙන එන ලෙසින්
දිගු කලෙකින් ඈ මුණ ගැසේවි හසගනක් වෙසින්
වැසි වැටුනොත් ඒ සොදුරු මොහොත අඳුරු වෙයි සැනින්

ආදරය කියන්නේ හරිම අමුතුම දේනේ. ඉතින් ආදරවන්තයින් ට හැමවෙලේම හම්බෙලා කතා කර කර ඉන්ට තියනවනම්, ලඟට වෙලා ඉන්ට තියනවනම් වෙන මොනවද? හැබැයි ඉතින් හැමෝටම ඒ පින නැහැ. කොටිම්ම මටත් නැහැ.

මගේ පෙම්වතිය ඉන්නේ ටිකක් දුර, මම වැඩ කරන්නෙත් දුර, ඉතින් එයත් වැඩ නිසා අපිට හම්බෙන්න වෙන්නේ කාලෙකට සැරයක්, මට නිවාඩුවක් හම්බුනත් එයාට නිවාඩු නැහැ. මම ගෙදර ගිය දාට එයා නිවාඩු නැති නිසා එයාගේ ගෙදර ඇවිල්ල නැහැ. ඉතින් ඉඳලා හිටලා කොහොම හරි හම්බෙන දවසනම් කියලා වැඩක් නැහැ. දන්නවනේ ඒ ගැන. හරි ලස්සනයි ඒ දවස ඉතින්

කොහොම හරි දවසක් ඔන්න ලස්සනම දවසක් , අද දවසම එයා මාත් එක්ක ඉන්නේ නම් නැහැ. ඒත් ටි‍ක වෙලාවකට අපි දෙන්නට ලඟට වෙලා ඉන්න පුළුවන්.. හුඟ කාලෙකින්. මම උදේම බස් එකට නැග්ගා. හරි සීතලයි ඇඟට . අහස ඔන්න කළුවර වෙනවා. දැන් මම බස් එකේ තව විනාඩි ගානකින් එයා හම්බෙනවා. දෙයියනේ අද වැස්සොත්, දවසම ඉවරයි.
ඉඳල ඉඳලා වහින්නේත් අදමනේ ..

අනේ මගේ යාලු සුළඟ ගිහින් අර එන වැහි වලාකුළු වලට කියපන්, අද එන්නේ නැතුව වෙන දවසක එන්න කියලා,
අද මගේ කෙල්ල හංස අන්ගනාවියක් වගේ මාව බලන්න එනවා. අපි හුගක් කාලෙකින් හම්බෙන්නේ. අපිට ටික වෙලාවයි ඉන්න වෙන්නේ. එයා ඇවිත් අපිට වැස්සොත් අද ඒ මොහොත ලස්සන වෙන එකක් නැහැ. ඒ හන්දා එයාට ඒ ගැන කියනවද

අද හරිම ලස්සන දවසක්, වැස්සොත් මල මගුලයි. මගේ හිතේ තියෙන්නේ හරිම ලෙන්ගතු සිතුවිලි, වැස්ස කරදරයක් උනත් එයාට බනින්න තරම් මගේ හිතක් නැහැ. ඒ නිසා මම සුලඟ අතේ පණිවිඩයක් යැව්වා. සොබාදහමත් එක්ක කතා කරන්න පටන් ගත්තේ එයාගේ ආදරේ එක්කමයි. ඒ නිසා මම හදවතින් වහින්න එපා කියලා ඉල්ලන්න පටන් ගත්තා

වීදි පුරා වතුර පිරෙයි
හෙමින් හෙමින් මුමුණ මුමුණ
ඇවිද යමි කෙසේ...
තණ නිල්ලේ ගොහොරු
සැදෙයි කථා නැතිව අනන්තයට
ඉගිල යමි කෙසේ...

මම කොයිතරම් එහෙම ඉල්ලව්වත් මගේ යටි හිත කියන්නෙම අද වහිනවා කියල, මොනවා කරන්නද. හැම පාරකම වතුර තියෙයි , අව්ලක් නෑ. තෙමි තෙමි හරි අද එයත් එක්ක යනවා. අපි යනකොට තණකොළ වලට වතුර වැටිලා මඩත් වෙලා තියෙයි. ඒ මොනවත් ප්‍රශ්නයක් නැහැ. කතා බහ වැඩිය නැතුව ඒ ඇස් එක්ක අද සද්ද නැතුව යනවා. මට ඒ ඇ ස් වලින් අනන්තය දකින්න ඕන. ඊට වඩා මොනවද

අප සමුගත් පසු වසින්න
ගං හෝ වැව් ඉපිල ඉපිල
ඉතිර යනතුරා...
හෝරා දෙක තුනක් ඉන්න
නෑවිත් වැහි වළාපලේ
කඩ ඉමෙන් මෙහා...

කොයිතරම් ඒක ඒක දේ හිතුවත් වැස්සේ නැත්නම් තමයි හොඳ. මොනවදයක්ද අප්පා.වැස්ස මේ අහපන්. අපි දෙන්නා හම්බෙලා ආවම වහින්න. වහින්න නෙමේ මේ ගංගාවල් වැව් උතුරන්නම වහින්න . උඹට ඇති වෙනකම් වහින්න පුළුවන් . ඒ උනාට තව පැය දෙක තුනක් ඔහොමම ඉන්නවද. මට ඒ ආදරේ අද නිදහසේ විඳ ගන්ට ඉඩ දියන්.

මම ගීතය ගැන මොනවත් කියන්නේ නෑ. බස් එකෙන් මම බහිනකොට ඇස් යන්තම් රතු වුනේ.. ඇත්තටම එයා මං එනකම් බලන් හිටියනම් කියලා දැනුනට පස්සේ

බුද්ධික සඳරුවන් සේනානායක

ගේය පද සුනිල් ආරියරත්න මහතා.
සත්සර රටාව වික්ටර් රත්නායක ශූරීන්ගේමයි






  • Twitter
  • Beautifull love
  • You tube
  • Facebook
  • RSS