දවසක් පැල නැති හේනේ..

ගුණදාස කපුගේ කියන කලාකරුවානන් හැම වෙලාවකම බොහෝ දුරට ගායනා කල ගීත සමාජ සිද්දීන් අලලා ගායනා කල ගීත. ඒ ගැඹුරු හඬත් යන හේතුන් නිසාම ඔහුගේ හඩ අමාරනීය වෙන්න හේතු උනා.
අද මම තෝර ගත්තේ අපි හැමෝම දන්නා ඔහුගේ ගීතයක් . බොහෝ අය මෙහි අර්ථය දන්නවා උනත් නොදන්නා එක් අයෙකු හෝ අවබෝදයක් ගන්නවානම් .. මගේ සතුට ඒක .

සදාතනික නොවූ අමිහිරි ලෝකයේ සදාතනික වූ මිහිරිම ආදරය, වචනය. අම්මා. අම්මාගේ ආදරය කොයි තරම් හුස්ම අවසන් වනතුරු හද සන්තාන ගත වෙනවද?

ගීතය පටන් ගන්නේ "දවසක් පැල නැති හේනේ" යන පද පේලියෙන්. පැල නැති හේනක් යන්නෙන් අදහස් කරන්නේ කිසිම ආකාරයේ ආරක්ෂාවක් නොවූ තැනක්. හරියට ඒක තාත්තා නැති ගෙයක් වගේ . මොන දේ තිබුනත් බෝහොමයක් අපි බය නැතිව ගෙදර ඉන්නේ තාත්තගේ ශක්තියෙන්.. 
අපි නොහිතන ප්‍රශ්න වලට පවා හිතුවෙවත් නැති වෙලාවට අපිට මුහුණ දෙන්න උනා. කියල ගීතයෙන් ව්‍යංගයෙන් පද මැව්වේ ”අකාල මහා වැහි වැස්සා” කියන වචන වලින් 

ඒ මොන ප්‍රශ්න ආවත් ඒ ප්‍රශ්න අහවරයක් වෙනකම් මගේ රත්තරන් අම්මා ඒ දේවල් වලට මුහුණ දුන්නේ තනිවම. තරුණ කමට කවදාවත් එදා අම්මා තනිවට ආරක්ෂාවට ස්වාමියෙක් හෙව්වේ නැහැ .. "පායන තුරු හිටි පියවර හිටිය ඔබ අම්මේ ’’ යන වචන වලින් බොහොම අපුරුවට ඒ අර්ථය රචකයා රසිකයා වෙත ගෙන ආවා ..

නුවර වීදි යට කරගෙන නින්දා වැහි වැගිරුනදා
බිරිදකගේ සෙනෙහෙ ගියා යෝධ ඇලේ නැම්මේ


බැලු බැල්මට යමක් තේරුනාද .. මෙහි අපුරු කතාවක් තියනවා. නුවරට ගිහින් කසාදයක් කර ගත්තු ඔහු යෝධ ඇලේ පාලමක් උඩින බිරිඳ සමග දවසක් පුංචි ගමනක් යනකොට.  ඒ තැනදී ඔවුන්ගේ යතුරුපැදිය නවතිනවා. මේ කාර්මික දෝෂය හදලා දුන්නු පුද්ගලයා බිරින්දට අත වනලා යන්න යනවා. ඒ හිතවත් කමේ අවසානය .. බිරිඳ ඔහු සමග ටික කලකින් ස්වාමියා හැර දමා යාමයි. මෙය මෙම ගිතය රචනා කල  රන්බණ්ඩා සෙනෙවිරත්න මහතාගේ ස්වකිය අද්දැකීමක් වීම මෙය රසික හදවත් සානුකම්පිත කිරීමට අත්තෙම්ම ඉවහලක් වුන බව කිව යුතුයි .
විචාර බොහෝ කල හැකි මේ පද තුල ඇති සත්‍ය කතාව එයයි.


මේ දේවල් මෙහෙම වෙනකොට කවදාවත් අඩු නොවුන අම්මගේ සෙනෙහස ඔහුගේ හදවත පසාරු කරන්ට හදනවා.

කොළඹ අහස කලු කරගෙන මුහුදු හුලග හඩලනකොට
ඔටුන්න බිමදා දුවගෙන එන්නද එක පිම්මේ
මං එනතුරු ඉදිකඩ ලග ඉන්නවාද අම්මේ

මේ සංකීරණ පරිසරය මට විහිලු කරනවා. සොබා දහම මං දිහා බලාගෙන හුල්ලනවා .
මට මේ තනතුරු තාන්න මාන්න කිසිම දෙයක් වැඩක් නැ.මේ ඔටුන්න බිමදාලා මම ආයෙත් එන්නම්.. මම එනකල් මග බලාගෙන ඉස්සර වගේම ඉදිකඩ ලග ඉන්නවද අම්මේ.. 


දුක කියන්නේ.. එහෙම ප්‍රාර්ථනා කලාට අද මගේ අම්මත් මාව බලන්න හුස්ම ගන්නේ නැ ..
ගීතයක් රස වෙන්න ඇත්ත කතාවක් කොයි තරම් ඉවහල් වෙනවද.. අපුරු ව්‍යන්ගයන් ආදී හැම දෙයක්ම ගත් කලට මේ ගීතය තුල අපිට හිතන්න කොයි තරම් දේවල් තියනවද ? 

                                            බුද්ධික එස් සේනානායක 

ගායනය - ගුණදාස කපුගේ
පද රචනය - රන්බණ්ඩා සෙනෙවිරත්න
සංගීතය - ගුණදාස කපුගේ

දවසක් පැල නැති හේනේ
අකාල මහ වැහි වැටුනා
තුරුලේ හංගාගෙන මා ඔබ තෙමුනා අම්මේ
පායන තුරු හිටි පියවර හිටියා ඔබ අම්මේ

නුවර වීදි යට කරගෙන නින්දා වැහි වැගිරුනදා
බිරිදකගේ සෙනෙහෙ ගියා යෝධ ඇලේ නැම්මේ
ඔබෙ සෙනෙහස සුවද දිදී දැනුනා මට අම්මේ

කොළඹ අහස කලු කරගෙන මුහුදු හුලග හඩලනකොට
ඔටුන්න බිමදා දුවගෙන එන්නද එක පිම්මේ
මං එනතුරු ඉදිකඩ ලග ඉන්නවාද අම්මේ



                                                        ගීතය වීඩියෝව එක්කම බලන්න

  • Twitter
  • Beautifull love
  • You tube
  • Facebook
  • RSS

0 comments:

Post a Comment