ගහක මල් පිපිලා... පිපෙන්නේ ඇයිද නොදන්නෙමි

GEmz Picturz
අද මම තෝර ගත්තේ ලාංකේය සිංහල ගීත කලාවේ සුවිශේෂී වූ නිර්මාණයක් .. මීට හේතුව උනේ මගේ අතිජාත මිත්‍රයෙකු වන චම්පක කල්‍යානරත්න සහෝදරයා මට මේ ගීතය පිළිබඳ අර්ථයක් අපි යාළුවන් සමග කතා බහ කරන විට ලබා දුන් නිසාවෙනි. ඒ බව මේ මොහොතේ මතක් කල යුතු අතර ඔහුට හර්දයාන්ගවම ස්තුති වන්ත වෙමි .

සඳකඩ පහනක ගීතයෙ අර්ථයෙන්  පසුව බොහෝදෙනාගේ අර්ථ සෙවීමක් මෙම අපුරු නිර්මාණය සඳහා දක්වන බවට මා මෙහිලා සඳහන් කල යුතුය .. ගීතයක මතුපිටින් දෘශ්‍ය මාන වන්නා වූත්.. යතාර්තයක තවත් අපුරු සිද්දියක් ඇත්නම් එය ව්යාන්ගයේ මුදුන් සොයා ගිය අපුරු නිර්මාණයකි. මෙහිදී කරුණා රත්න දිවුල්ගනේ නම් කළා කරුවා ජීව මාන කළා වූ මෙම ගීතය එහි ලා අසම්මත පෙමක් කතිකා කරනු ලබයි.

ගහක මල් පිපිලා... පිපෙන්නේ ඇයිද නොදන්නෙමි
හිතක මල් පිපිලා... පිපෙන්නේ ඇයිද නොදන්නෙමි
නුඹට සිත බැඳුනේ කිමැයි මා තවම නොදන්නෙමි
නුඹට සිත බැඳි කාරනේ මම තවම සොයන්නෙමි

ඉහත පද සංකල්පනා මගින් අපට අපුරු පෙම්වතෙක් පෙම්වතියක් කරා සෙනෙහසේ අර්ථ කතනයක් කර ඇති බව අපි කාටත් පෙනෙන දෙයකි.. නමුත් මා ඉහත පැවසු පරිදි මෙහිලා ගැඹුරින් වෙනස් ආකාරයේ සංසිද්දියක් මුලික කොට පවතී.

කතරෙ වැලි කැට හිරුට පෙම් බැඳ
ඇතත් ලෝ දහමින්
සොඳුරු වැස්සට දැවෙන කතරත්
ආදරෙයි පණ මෙන්
ලොවට නොපෙනෙන අරුම සෙනෙහස
ඒ වගෙයි මනරම්
කරනු බැරි තහනම්

තද හිරු රශ්මියට කාන්තාරයක දැවෙන වැලිකට අපිට පෙනෙන්නේ හිරුට ලෙන්ගතු පෙමක් දක්වනු විලාසිනි . එනම් ලෝ දහම සොබාව දහම හෙවත්  සම්මතයයි. එය කෙසේ වුවත් හිරුට පෙම් බඳින මේ වැලිකැට කාලෙකින් වැටෙන පුංචි වැස්සකට පෙම් කරනු ඇතැයි අපි සිතනවාද ? ලෝකයාට නොපෙනුනත් ඉඳ හිට වැටෙන වැස්සට පවා ආදරය කරන වැලිකැට තියෙන්න පුළුවන් නේද?.. එය අපිට තහනම් කරන්න පුලුවන්ද ?

සඳට සදහට සෙනෙහෙ පෑ මුත්
උදුල තරු කැටයම්
හිරුට පෙම් බැඳි එකද තරුවක්
සිටිය නොහැකිද යම්
නුඹට නොහැඟෙන මගේ ප්‍රේමය
ඒ වගෙයි මනරම්
පුදුම වෙයි නුඹ නම්

රාත්‍රිය ගැන අන්දකාරයෙන් මුදවා ලොවම එලිය කරන සඳු නිසා දිදුලන තරු කැට සඳට පෙම් බඳින බව රහසක් නොවේ. . නමුදු අප දන්නා තරමින් හිරු යනු ද තාරකාවකි. ඒ හිරුට පෙම් බඳින තවත් පුංචි හිරුවක් එනම් තරුවක් තියෙන්න බැරි කමක් නැහැ. එමෙන්ම ලෝකයට කියා ගන්න බැරිව මම ලත වෙන මගේ ප්‍රේමය ත් .. ඒ වගේම ලස්සනයි. නුඹ පුදුම වෙයි.. එහෙත් මගේ ආදරය අසම්මත වැටකඩුලු වලින් මටම බාදාවක් වෙලා ඉවරයි ,

ගීතය පුරාවටම ගත්කල මෙහි ලා සඳහන් වනුයේ අසම්මත ප්‍රේමයකින් තම පෙම කියා ගත නොහකි වූ තරුණයෙකුගේ සිතුවිලිය. සම ලිංගිකත්වය යනු මානසික වශයෙන් යම් රෝගයකි. නමුදු ඔවුන් වුවද මනුස්ස යන් වන අතර .. ඔවුන්ගේ මනස පිලිබනද සාමාන්‍ය ජනයා කරා මේ ගෙන එන පණිවිඩයෙන් තවත් මනුස්ස සංහතියක් පිලිබඳ අපට වැටහීමක් ගෙනෙනු ලබයි. එය බුද්ධිය උගත් කම සමාජ ඇසුර යන සාදක මත මොන ආකාරයක දෙයක් ද යන්න තේරුම් ගැනීම ඔබ සතු ය.


ඒ කෙසේ වෙතත් ලොවට නොපෙනෙන ඒ කතාව බැලු බැල්මට නොපෙනෙන මේ ගීතයෙන් කෙතරම් අපුරුවට නිර්මාණය කර තිබේද. ගීතයක් යනු කුමක්ද. සමාජයට කුමන පණිවිඩයක් ගෙන එන්නක්ද ... එහි ලා මෙම අපුර්විත නිර්මාණය කෙතරම් අපුර්විත ද ?...

බුද්ධික එස් සේනානායක.

  • Twitter
  • Beautifull love
  • You tube
  • Facebook
  • RSS

0 comments:

Post a Comment