මගේ පුංචි රෝස මලේ 

මේ අපුරු ගීතයට ත් යටපත් වුනු හරිම ලස්සන බොහෝ ය නොදන්නා , දැන ගත්තට පස්සේ පුදුම වෙන හරිම අපුර්වත්වයෙන් යුතු කතාවක් තියනවා. බලමුකෝ මොකද්ද කියල.

මේ ගීතයේ රචකයා වන්නේ ධම්මික බණ්ඩාර .. මීට පසු බිම වෙන්නේ .. ධම්මිකට ඉන්දියා හොද යහළුවෙක්. මෙයා ලංකාවේ හිටපු ප්‍රසිද්ද ගායකයෙක්. වගේම සංගීත  ගුරුවරයෙක්.ඉතින් ධම්මිකයි මෙයයි අතර වයස් පරතරය කොහොම වෙතත් යාලු කමටනම් ඒ දේ බාදාවක් වෙලාම නැහැ. කොයි තරම් යාලු කමක්ද කියනවනම් , ධම්මිකකයන් පවසන ආකාරයට .. මේ සංගීත ගුරුවරයෙක් වගේම ගායකයා අවුරුද්දකට දෙතුන් වතාවක් ම දම්මිකගේ ගෙදර එනවලු.

ඔය අවාහම දවස් දෙක තුනක් ම ඉන්දළලු යන්නේ. ඉතින් කවුරු ඉදියත් උදේ දහය විතර වෙනකොට අරක්කු කාලක් විතරනම් ඔනමලු. නැත්නම් ඔහේ කල්පනාවලු හාවක් හුවක් නැහැලු. මෙයා එනවනම් අනිවාර්යෙන් බෝතලයක් හමාරක් ගෙනවිත් තියන්ට ධම්මික අමතක කලේ නැහැලු.ඉතින් මෙහෙම දවසක් මද පමණට මදුවිත තොල ගාල ඉඳපු මේ ගුරුවරයා මෙහෙම කතාවක් කිව්වලු ධම්මිකට.

‘’ මචන් මගේ පන්තියට වයලින් ඉගෙන ගන්න එනවා ගෑනු ළමයෙක්. මගේ හිතේ ඒ ළමයා ගැන පුදුම ආදරයක් තියනවා. ඒක ප්‍රේමයක් මචන්. මට මේ ළමය ආව නැති දවසට පන්තිය කරන්නවත් හිතෙන්නේ නැහැ . ‘’

ඔය කතාව එතනින් විහිළුවකින් අවසන් වෙනවා.අවුරුදු දෙක තුනක් වෙනවා. ගුරුවරයාට තරමක් අසනීප නිසාවෙන් ධම්මික බලන්න එන ගමන මග හැරෙනවා. කෙසේ වෙතත් දවසක් ධම්මික මෙම ගුරුවරයාගේ පයාගල පිහිටි නිවසට යනවිට, එහි සිටියේ ඔහුගේ දියණිය පමණයි. තරමක් සතුටු සාමිචියේ යෙදන අතරේ ධම්මික අහනවා කෝ දුව තාත්තා කියල,


                    ''මාමේ තාත්තා ගෙදර නැ. පුලුවන්නම් කළුතර රෙස්ට් හවුස් ඒකට යන්න ‘’
මේ පිලුතුරත් අරගෙන හීං සීරුවේ ධම්මික යන්නේ රෙස්ට් හවුස් එකට.

කළුතර උසාවියේ විවේකි වෙලාව නිසා  යනකොටත් පෙරකදෝරු මහත්තුරු සතුටු සාමිචියෙලු. ඔය අතරේ කෙළවරක තනියම උන්නු තම සගයා දුටු ධම්මික ඔහුගේ තනිකම පුටුවක් ගෙන ඉවත් කළේය. පසුව ටික වෙලාවක් බලා සිටි දම්මිකට තේරුනා කතාවක් නැති යාලුවා තරමක වැඩි ගතියකින් පෙළෙනවා කියලා.‘’ඔහොම හිටහන් මම වාහනයක් ගේන්නම්’’ කියල නැගිටිනකොටම දම්මිකව අතින් අල්ලලා වාදී කරවාගෙන මේ ගුරුවරයා කඳුළු පිරුණු දෙනෙතින් බලාගෙන කිවලු ..

                                 ‘’ මචන් ධම්මික අර ගෑනු ළමයා ගිය සතියේ කසාද බැන්දා’’ කිව්වලු. 


                                                   ඔහොම කියලා හොඳටම අඩව්වවලු.


අර ගෑනු ළමයා තවම දන්නේ නැ මේ සින්දුවට මුල් උනේ එයා කියල. හැබැයි මෙහෙම අන්තිමේදී තමන්ගේ ප්‍රේමය කඳුළු වලින් මුදා හැරිය ගුරුවරයා.. වෙන කවුරුවත් නෙමේ. මර්වින් පෙරේරා කියන සුප්‍රකට කලාකරුවා. මේ රහස ධම්මික හෙළි කලේ මෑතකදී. එ සඳහා අමල් පෙරේරාගේ අවසරය ලැබුනා කියලයි ඔහු අන්තිමට කිව්වේ. ඉතින් බලන්න මේ ගීත මේ තරම් මනසට යන්න එ තුල හැඟුණු කතාව ..කොහොම උනත් ගීතයක පදවැල් ජීවමාන වෙන්න එ තුල පාදක උණු කතාව කොයි තරම් නම්, ඉවහල් වෙනවද ඔයා තවම පුංචි කෙල්ලක් රෝස මලක් වගේ. මම හිතින් උබට ආදරය කරන මහලු පෙම්වතා. මේ බඹරට ඔය පුංචි රෝස මල අයිති නැහැ.උඹ හීනෙකින්වත් මං ගැන එහෙම හිතන්නෙත් නැහැ. 
මගේ පුංචි රෝස මලේ

මමයි නුඹේ වියපත් බඹරා
නුඹ හීනෙන්වත් නොදකින කුමරා...
 මගේ කළුවර උන ජිවිතයට එලිය දෙන්න සඳක් වගී පායනවානම්, මම කැමැත්තෙන් ඉන්නවා මේ ලස්සන ආදරය උඹට කියන්න. මේක අහල උඹ ගියත් කමක් නැහැ. මට කියන්නවත් පුලුවන්නම් කොයි තරම් දෙයක් ද. මගේ හිත අඳුරු වෙලා ඒත් උඹ පායන්නේ නැහැ මගේ හද මඩලට කවදාවත්ම. මොනවා උනත් මගේ කිසිම අමනාපයක් නැහැ. 
කළුවර රෑ සඳක් වගේ
අහසේ නුඹ ඉන්නවනම්...
ආසයි මම නොකී කවිය
නුඹට කියන්න...
තරහක් නැහැ නුඹ බැස යන්න...
 මගේ ලඟට ඇවිත් ඉන්නවනම්. උඹ එනකල් බලාගෙන ඉන්න මම ආසයි. කිසිම තහංචියක් නැහැ. අවේ නැති උනාට කමක් නැ. මේ වියපත් උණු හදවත උඹේ ආදරෙත් එක්ක තරුණ වෙලා. ඒත් කමක් නැ. මම තරහක් නැහැ. 
මගේ පුංචි නවාතැනේ
ඇවිදින් සැරි සරනවනම්...
ආසයි මං කවුළු පියන්
ඇරලා තියන්න...
තරහක් නැහැ නෑවිත් ඉන්න...
 
       කෙලසක කුමන දේ පැවසුවත් , පෙමක් මෝදු වෙන්න
                                 හදවතකට වයස ගැටළුවක් වෙන්නේ       
                                               නැහැ.

ගැටලුව වෙන්නේ එය සාර්ථක විය යුතු පසුබිමක් නොමැති                                                 වීමයි!
 


බුද්ධික සඳරුවන් සේනානායක.

  • Twitter
  • Beautifull love
  • You tube
  • Facebook
  • RSS

0 comments:

Post a Comment