හන්තානට පායන



ධම්මික බන්ඩාර කිව්වට නම ඒ තරම් ප්‍රසිද්දියක් නොවුනට මොකද,මගේ පුංචි රෝසමලේ,හන්තානට පායන සඳ, වගේ ජනප්‍රිය ගීත බොහොමයක් අපිට දුන්නු රචකයෙක් හැටියට හඳුන්වන්න පුළුවන්.ඉතින් බොහොමයක් ගීත වල නිධාන කතාවක් ඒ කිවේ ගීතයට මුල් උන කතාවක් එක්ක තමයි එතුමා මේ ගීත බිහි කලේ .. ඉතින් එතුමා ලංකාවේ විශ්ව විද්‍යාලයක් තුල කරපු ලස්සන විචාරයක් මට දකින්න වාසනාව හම්බුනා. හැමදාම වගේ මේ ගැන ඔයාලටත් කියන්ට මට හිතුනා. මොකද මේ ගීත කලාවේ රසවින්දනය මනසට පුදුම නිස්කලංක බවක් ගෙනෙන බව ඔයාල දන්නවනේ .. 


හන්තානට පායන සඳ කියන ගීතය බිහිවෙන්නේ තනි සිදුවීමක් මතම නෙමෙයි. මේ සඳහා සිද්දි මාලාවක එකතුවක් තියනවා..  ධම්මික බණ්ඩාරයන් කොළඹ සරසවිය තුල අධ්‍යාපනය හදාරුවට, ඔහු වරින් වර මිතුරන් බැලීමට  පේරාදෙණිය සරසවියට එනවා. කොළඹ පරිසරයත් එක්ක මෙහිදී එතුමා පුදුම නිස්කලංක බවක් විඳිනවා. , එතුමාගේ වචනේම්ම කියනවනම්, 


"එතකොට අපි මේ සරසවිය ආශ්වාදය කලා.ඔහොම ආශ්වාදය කරන අතරතුර ඇත්තමයි මම දැක්ක  හන්තානට පායන සඳ."

ඔය සිතුවිල්ල එතුමාගේ හදේ කොනක සැඟවිලා තිබුනා කියල තමා එතුමා කියන්නේ .
ඔය අතර තුර ඔහු කරන පවුද්ගලික පන්තියක ආදර කතාවක් මෙතුමා දකිනවා. ඔය සම්බන්දෙ කාටවත් කරදරයක් නොවන විදිහට තමා සිද්ද වෙන්නේ , ඉතින් හිරි හරයක් ඔවුන්ටවත් , ඔවුන්ගෙන් කාටවත් නැ. කොහොම හරි අවසානෙදි මේ ගෑනු ළමය පේරාදෙණිය විශ්ව විද්‍යාලයට තේරෙනවා. කොල්ලනම්  හරියට පාස් උනේ නැ. කොම හරි ධම්මිකයන්ට ඔය සිද්දිය අමතක වෙලා යනවා .

ආයෙත් අවුරුදු දෙකකට විතර පස්සේ, එක්තරා ස්ථානයක ඔහු ගිමන් හරින කොට .. හොදට ඇදගත්ත කොල්ලෙක් ඇවිත් අහනවා ‘සර්ට මාව මතකද ’ කියල .. ධම්මිකට මතක් වෙනවා මේ අර කොල්ලා නේද කියල .. ඉතින් විස්තර අහ අහා ඉද්දි ඔහු අහනවා , කොහොමාද සම්බන්දෙ දැන් කියල ..

කොල්ලා කිවලු .. සර් මම ඒක නැවැත්තුවා කියල බිම බලාගෙන.

“ කෙල්ල කැම්පස් ගියාම ගොඩාක් වෙලාවට ඔහොම වෙනවා පුතා.   
එයා අකමැතිද දිගටම සම්බන්දෙ ගෙනියන්න ”

"නැ සර් එයා කැමති මේක කරගෙන යන්න ,ඒත් මමයි අකමැති.."

"ඒ මොකෝ කොල්ලෝ ඒ ......."  සර් අහල තියනවා.

මේකට හම්බුනේ හරිම නොහිතපු පිළිතුරක් 

"දැන් එයාට ලස්සන අනාගතයක් තියනවා. 

ඒ ගමන එයා හදා ගත්තා. මම එයා එක්ක හිටියොත් එයාගේ සමාජයට මාව දවසක ගැලපෙන එකක් නැහැ.    මම එයාට ආදරේ හන්දම එයාගේ අනාගතෙ වෙනුවෙන් මේක නැවැත්තුව සර් ‘’  

මේ සිදුවීම රචකයාට හොද තෝතැන්නක් උනා මේ ගීතයට . 


ඒ වගේම ඔහු බලපු චිත්‍රපටියක් තිබුනා .චිත්‍රපටිය හුලවාලි.


හුලවාලි කියන්නේ සැඩොල් ගමක කතාවක්.
ඒ සැඩොල් ගමේ නායකයා දාර කියල කෙනෙක්, මේ දාරගේ බිරිඳ ගමට එන තොරොම්බල් කාරයෙක් එක්ක හාද වෙනවා. ඔහුගේ නන බිබිලේ 
මේ ගැන දවසක් දෙන්නව අතටම අල්ල ගත්ත දාර බිබිලේගෙන් අහනවා. ,
"උබ මගේ බිරිඳට ආදරෙයිද..’’
දාර ඔව බව කියනවා ...
එහෙනම් උඹ මේකිව අරගෙන පල, මොන හරි උනොත් එනම් මම තෝව ඉතුරු කරන්නේ නැ කියල .. දාර බිරිදගේ සේරාම දේවල් රෙදි පවා පොට්ටනි ගහල බිබිලේ එක්ක යවනවා. ගියාට පස්සේ දාර දකිනවා බිරිදට අමතක උන සළුවක්.. දාර ඉකි ගගහ අඩනවා ඒ සළුව තියාගෙන ..   (රෙද්ද පව් නේද දාර ) බම්බුව.

ඉතින් ඔය නිදන් කතා තමා මේ ගීතයේ නිර්මාණයට දම්මිකයන් ව ගෙනල්ල තියෙන්නේ 


හන්තානට පායන සඳ 
ලස්සනයිද කියන්න...
මා නොදකින ඒ පුර හඳ
ඔබට හැකිය දකින්න...//


හන්තානට පායන හද ලස්සනද , ඔයාගේ ජිවිතේ දැන් ලස්සනයි නේද .. ඒත් රත්තරන් මට ඒ ලස්සන දකින්න බැහැ. ඒ වුනත් මගේ රන්කඩට  ඒ වාසනාව තියනවා ..


අඳුරු ලලා වහිනා කල
සරසවි බිම තෙමෙන්න...//
කුඩේ යටින් ඔබ යන කල 
එපා තනිය දැනෙන්න...


ඒක ඒක ප්‍රශ්න ඔයාට එයි .. හැබැයි ඔය ඔය යන ගමනට ඉස්සරහට තනියක් ඕන නැහැ වස්තුව. ඔයාට ගැලපෙනම කෙනා ජීවිතේට ගන්න. සරසවිය අල්ලා වචන යොදමින් ව්‍යංගයෙන් කොයිතරම් දෙයක් කියනවද..


ලතා මඩුළු අත වනාවි
එපා අහක බලන්න...//
මා ගැන මතකය ගුලිකර 
මහවැලියට දමන්න...

ඔයාට ලස්සන් ජිවිතයක් දෙන්න පෙම්වතුන් එයි. හොදම කෙනා හොයා ගන්න.. මාව අමතක කරන්න නොකියා .. මගේ මතකය මහවැලියට දාන්න කියන ඒකෙන්.. ඔයාට මාව අමතක කරන්න අමාරුයි. එහෙත් මහවැලියේ මගේ මතකය පාවෙලා පාවෙලා නොපෙනෙන්න යනවා වගේ.. හෙමිට අමතක කරලා දාන්න ..
කොයි තරම් අපුරුද. පුදුම කතා මේ මිනිස්සු තුල කොයි තරම් තියනවද? මේ කතා අපුරු ගීතයකට කැටි කරන අපුරුව කොයි තරම් ද .. එවං ගීයක සුන්දරත්වය විඳින්ට අපි කොයි තරම් පින් කල යුතුද ?

 ගායනය : අමරසිරි පීරිස්
 සංගීතය : ඩැනිස්ටර් පෙරේරා
 පද රචනය : ධම්මික බණ්ඩාර

   බුද්ධික සඳරුවන් සේනානායක 


  • Twitter
  • Beautifull love
  • You tube
  • Facebook
  • RSS

1 comments:

Unknown said...

අගේ ඇති විවරණයක් ඔබට ගොඩාක් ස්තූතියි සහෝ...

Post a Comment