ඇතුල් හිතේ

සන්තාප ලෝකයේ සන්තුෂ්ටියේ විවරණය ගෙන හැර පාන උතුම් අංගනාව අම්මා ..

සම්මා සම්බුදු සම්‍යක් බුදු රදුන්ගේ මව් ගුණ විවරණයෙන් පසු සක්වල පවා හද කම්පා කල ඒ උතුම් සෙනෙහස.. කෙතරම් නම් සොඳුරුද.. මගේ අම්මා මගේ පණ..ගෙදර බුදුන් ළඟ දන වැටි.. ඇගෙන් ඈතට වී දින කිහිපයක් පසු කරන්න කොතරම් සෙනෙහසක් ඒ මතකයෙන් දැනෙනවද .. සියල්ල පසෙකලා ප්‍රේමයේ දොරගුළු විවර කරන යවුවන උන්මන්තකයෝ දිනක තම මවගේ සෙනහස සොයා වැඳ වැටි එන්නේකුමක් නිසාද.. අම්මගේ ආදරේ ගැන කතා කරන්න තරම් සිංහල ශබ්ධ කෝෂයකින් මම පරිපුර්ණ නොවුනත් එක්තරා ගීතයක් නිසාවෙන් අද මම අම්මා ගැන තනිව සිහි කරන්න උනා.. 

සිංහල ගීත කලාව තුල මවගේ ගුණ පිලිබඳ ගයන අපුර්විත ගීත මෙන්ම.. තාලය වැඩි කර ඒ ගුණය ගයන ගීත ද නැතුවාම නොවේ, කෙසේ වුවද අසංග ප්‍රිය මන්ත පිරිස් යනු වුර්තිමය වශයෙන්ලංකාවේ දක්ෂ කළා කරුවෙක් වග කිව යුතු අතරම.. සමාජයට කතා කරන ගීත බොහොමයක් තමන්ගේ හැකියාවෙන් ශ්‍රාවකයා ට රස ගන්වන්නෙක් බවද කිව යුතුමය

අම්මගේ ආදරයේ දැනීමමව් කුස තුලදීම දැනෙනකොට අම්මව හැබෑවටම දැකල.. ඒ ලස්සන වචන කියල මාව ඉඹලා පපුවට තුරුළු කරගෙන මාව සිප ගනිද්දී මට කොයිතරම් සුවයක් දැනුනද.. හිත අස්සේ තිබුණු යම් යම් වේදනාවන් හංගගෙන මං ඉස්සරහ හිනාවුණු මේ ලෝකේ වටිනාම අංගනාව මගේ අම්මා..

අනෙක් හැමෝම මට ගුණ හරු කම කියලා දීලා යනකොට අම්මාගෙන් වචන වලින් මම හැදුනේ නැ. අම්මා පන්සලට යනකොට, පහන තියනකොට.. ඒ දේවල් මගේ හිතට ගොඩාක් දැනුනා,, වචන වලින් නැති ලස්සන කතාවක් මනසින් අම්මාගෙන් මම රස වින්දා.. ඒක හරි අපුරු ගීතයක්..

ඔය දේකරන්න එපා කියල අම්මා ගියාම, මම ඒ දේ කළා.. ඇරඹුම කෙසේ වෙතත් අම්මා එපා කියූ හැම දේකම අවසානය මගේ කඳුළ උනේ පුංචි කාලේ ඉඳන්මයි. ඒ දේවල් කොහොම වෙතත් අද මම හිනා වෙනකොට හිනා වෙන්නෙත් දුකේදී මාව සනසන්නෙත් තාමත් මගේ අම්මා..  තුරුළු සුවේ සියුමැල්ලෙන්  පිරිමැද නිදි කරවපු අම්මා අදත් මං ළඟ මගේ සතුට වෙනුවෙන් හිනා වෙලා ඉන්න එක තරම් ශක්තියක් මට වෙන කොයින්ද..

ගීතමය රසය පසෙකලා ලස්සන කතාවකින්.. සියුමැලි වදනින් අම්මගේ ආදරයේ රත්තරන් කතාවක් ගෙන හැර පාන මෙම ගීතය වර්තමානය තුල බිහි වුනු දැවැන්ත නිර්මාණයක් බව කිව යුතුමය 

බුද්ධික එස් සේනානායක


  • Twitter
  • Beautifull love
  • You tube
  • Facebook
  • RSS

2 comments:

Unknown said...

Rattaran Amma kenekuge Aadaraya kiyaa nima karanna baaa...Adaraye Ulpata uuuu Ammaa........

Buddhika Sandaruwan said...

අනිවා මචන් එකෙම්ම

Post a Comment