සෙනෙහසට පද මවන ....

පාට දේදුනු සළුව පට                සිඹින
ගඟන වළා පොදි හිරුට කවි       බඳින
ගුමුව පද මවන මලක මුව         සිඹින
සුවඳ සුව මවන සිහිල විඳ          ගන්න 

දොවන පා යුග්ම හැඟුණ          සීතලට 
දැනුන හද ගැඹර පාට කර          යන්ට 
සිහින මල් කැකුළු දෝත        පුරවන්ට 
එන්න සිධගන ප්‍රේම             වස්සන්ට

බුද්ධික එස් සේනානායක  

  • Twitter
  • Beautifull love
  • You tube
  • Facebook
  • RSS

මීවිත පිරුණා



     තාරුණ්‍යයේ අස්විද නැකත වන් ප්‍රේමය ... මායාවක් නොවී හැබෑවක් කර ගත්තන්ට ආදරණීය දවස... තම මංගල දිනයම නොවේද?..  පුරා දින සති මාස අවුරුදු පසු කර සීමා මායිම් අතර සිරවුණු පෙම්වතුන් දහසක් බලාපොරොත්තු බැඳ එකට එක් වී ගෙවන කාලය කෙතරම් අපුර්විතද?..ජීවන මං පෙත නව දොරගුළු විවර කර  සුන්දර ලෝකයට පා තැබූ උන් බලාපොරොත්තු කෙතරම් පොදි බැඳ ගත්තවුන්ද?

   එසේ එක්වූ අපුරු යුවලක් අතර වූ ඒ සිදුවීම නව සන්ගීතානුකුලව පද ගෙන හැර පාන මෙම අපුර්ව ගීතය සමාජයේ තවත් එක් පැතිකඩක් ගෙන හැර පායි..

තනි වූ සුන්දර පෙම්වතා පවසන්නේ අසුන්දර කතා පුවතකි.. මගේ ආදරි එක්ක ගත කල ඒ කාලය කොතරම් අපුරුද?... මම තාම හිතනවා තාම වද වෙනවා ඒ කාලය ගැන.අදත් ඔය මගේ ළඟ හිටියනම් ........

ජීවිතය මොන තරම් බාධක ආවත් ඒ හැම අවස්තාවකම සුන්දර උනේ ඔයා නිසා.. මට ජීවිතය කියල දුන්නේ ඔයා.. මම පෙම්වතා වෙලා ඔයා පෙම්වතිය වුන කාලේ මාව අතහැර ගියානම් මට ඉවසන්න තිබුනා..ඒත් අද මගේම වුන ඔයා මේ ජීවිතෙන් යන්නම යන්න ගිහින්.. සුරා පැන් පොදක් පානය කරලා ඔය ගැන වද වෙන්න ඔය නැති ලෝකේ ඔය එක්ක සතුටින් ඉන්න මම වෙන ලෝකෙකට යන්න හදනවා.. ඒත් රත්තරනේ මේ හිතට මට බොරු කරන්න බැහැ.. හීතල කඳුළු නෙතු අග්ගිස්සෙන් වැටෙනකොට මම තාරුණ්‍ය අතහැරලා ඉකි  ගහ ගහ අඬනවා..

ඔයාව හදවතින් මගේම ලෝකෙක මම ආයමත් තුරුලු කර ගන්නවා.. මට ඔයාව දැනෙනවා... ඒත් එදා පායපු හඳ නෙමේ මේ.. මගේ මුළු ලෝකෙම ගිනි ගන්නවා.. මම කොහොමද මේ හදවත වාව ගන්නේ.. ඇත්තටම මම ඔයාගේ මතකයත් එක්ක ඔය නැති ඔයාගෙම ලෝකේ තනි වෙලා.. මේ පාළු හැම රැයකම මට ගෙවෙන්නේ අවුරුදු ගානක්...

මගේ ලෝකෙටම හදවතටම උණුහුම දුන්න ඔයා සුදු ඇඳුමින් සැරසිලා මාව තනිකලා.. එදා මගේ දිහා ආදරෙන් බලපු ඔය නිල් නෙතු ඇයි රත්තරන් ආය මගේ ලඟට එන්නේ නැත්තේ... මට කියන්න... මම සංසාරේ පුරාවටම ඉදි කඩ ළඟ ඔයාගේ රුව එනකම් හදවතින් බලාගෙන ඉන්නම්.. මේ පාළුව මට දරා ගන්න මම ඉන්න ලෝකෙකට ආයමත් එන්න....

සුන්දර ලෝකෙක ලස්සන මාවතක ගිය යුවලක් ... හදිසියේ තම පෙම්බර දෙව්දුව ලෝකයම අතහැර ගිය වේදනාව සානුකම්පිතව හදවතින් විමසන්නට... අපේ කාලයේ නිර්මාණය වුන මෙම අපුර්විත ගීතය නව පරම්පරාවේම සුන්දරයන් විසින් නිර්මාණය කරන ලද්දක බව පවසනුයේ මහත් ආඩම්බරයෙනි.. අපුර්විත් හඬින් දිනේෂ් තරංගයන් ගායනය කරන මෙහි තනු සංකලනය ස නි ද ප සංගීත කණ්ඩායමේ රිදම් ගිටාර් වාදක සංජු ගේ වන අතර video නිර්මාණය චාමර වීරසිංහයන්ගේ බව නැවතත් කියන්නේ... හදවතිම්ම සතුටිම්මය....
 

Buddhika S Senanayake


















































  • Twitter
  • Beautifull love
  • You tube
  • Facebook
  • RSS