මම මැරෙන්ට මග බලන් ඉන්නවා



හැම ආත්මෙකම  මම මේ වගේ ඉපදෙන්ට ඇති......
කෙල්ලෝ ලෝකයක්  මට අත වනනකොට..........
මම උඹ ගැන හිත හිතා ලත වෙන්ට ඇති.......

වෙන එකෙක් එක්ක උඹ පෝරුවේ අඩි දෙක තුනක් යන්ට දින හදනකොට.......
මතක තියා ගනින්...මම අඩි හයක් යටට යන්නෙත් එදාටම තමා..................

ගොනෙක් තමා  මම එහෙම වෙන්ට.........
ඒත් පුලුවන්නම්... දන්ම ඇවිත් මගේ බෙල්ල කපල පලයන්....

මගේ රත්තරන්............. වරෙන් වස්තුව....
උඹේ අතින් මැරෙන්ට මම ආසාවෙන් බලන ඉන්නවා.......

  • Twitter
  • Beautifull love
  • You tube
  • Facebook
  • RSS

මගේ හෙණේ..

 මතකද මන් දන්නෙ නැ... අවුරුදු හතරකට කලින්
ජීවිතයක් හොයන් ආවා මගේ ලඟට.....
සුළඟක් වගේ හිතේ හැප්පිලා, ..ටිකෙන් ටික සුළි සුළඟක් වෙන්න පටන් ගත්ත...... 
දවසක හෙන පාරත් වදියිද කියල.....
මම උඹට හොරෙන් මගේම්ම ඇහුව. එත් උඹ ඒවා අදටත් දන්නේ නැ.,, මම හිටියේ උඹත් එක්ක පෘතුවියෙන් ඔබ්බට ගිය පට්ට ලෝකෙක,.. 
ඒත් උඹ, මට වඩා එහා පට්ට ලෝකෙක, ජීවත් වෙනවා මට දැනුන,
හිතුව වගේ හෙන ගහන්ට පටන් ගන්නකොට,
මම උඹේ වැස්සට අහුවෙලා,.. කුඩයක් අල්ලන්ටවත් කවුරුවත් හිටියේ නැ. ..
මම වෙන කාටවත් ඉඩ දුන්නෙත් නැ ... 
අදටත් මම උඹේ සුළි සුළඟට අහුවෙලා.... 
එත් උඹේ හෙන පාරට මම තාමත් නිවී නිවී පත්තු වෙනවා........
උඹෙන් වදින හෙන පාරත් අදටත් 
මට මගේ හිතට වදින පහන දැල්ලක් .........


  • Twitter
  • Beautifull love
  • You tube
  • Facebook
  • RSS

හිතින් වයසයි.



       

කෙලින් හිටගෙන උඹට අත වනන්ට හැදුවට. දනිස් පොල්කටු දැන් වාරු නැහැ බන්. නාකි වෙන්ට කල්තිබුනට  වයසට වඩා උඹේ  පරණ මතකයන් මවත් අරන් නාකි වෙලා. අයෙත් තරුණ වෙලා උඹේ කොමලේ බලන්ට අසයි මම.. ඒත් උඹත් නාකි වෙලාද.. තවම ළමිස්සියක්ද  කියලවත් මම දන්නේ නැහැනේ......

      හුනියන් නොකරපු මට කව්දෝ හුනියමක්වත් කරාද මන්ද,
      මම උඹ ගැන හිත හිත ලත වෙන්නේ නැහැ. මට පිස්සුවක් ඇතැ.. නාකි වෙලා කෙල්ලක්  
      ගැන හිතන්ට.. එ උනාට මගේ හුස්ම තවමත් තරුණයි. බන්.     

අනික උඹත් එක්ක හුරතල් වෙන්ට මට වෙලාවකුත් නැහැ.
ඒත් මගේ හිත උඹත් එක්ක හුරතල් වෙන්ට time download කරනවද මන්ද. 
රැට ඇස් අරගෙන හිටියම දවසට පැය48 යි මට.  උඹ මට හොරෙන් තප්පරයක් ගෙවනකොට.
මම උඹත් එක්ක තප්පර 2ක් නාකි වෙනවා.
  
      පුලුවන්නම් මාව තරුණ කරපන්,, බැරිනම්,, නිකන් හිටපන්,, ඒකත් මම තනියම බලා 
      බලා ගන්නම්. හැබැයි මට නාකියා නාකියා විතරක් කියන්ට එපා,
      මොකද උමබත් දැන් හිතන තරම් තරුණ නැතිවති..    

                 නාකිද නැද්ද බලමුද,,,,, එහෙනම්,, හෙටවත් කතා කරපන්,,,,,,,,,                       
            

  • Twitter
  • Beautifull love
  • You tube
  • Facebook
  • RSS

මම free මේ වෙලාවේ.


ඔලුව පුපුරන්ට වැඩ ඔන්න.. ඔයා ගැන වද වෙන්ට මටනම් වෙලාවක් නැ හොදද?.....

තරහද?.....
                කතා කරපන්,, තරහද?.... කතා කරපන්..... ආ.. දැන් උඹ මුනිවත රකිනවා නේද?...
                උඹ කතා නොකරන්නේ,, අම්බානෙක මගේ පපුව ගැහෙන හඬ අහන්ට වෙන්ඩ ඇති...
                එහෙනම් අහපන්කෝ...........

                                Lab dab. Lab dab. Lab dab. Lab dab.

                        කියල ඇහෙන්නත්තේ.... උඹේ නම ඇහෙනවද බලපන්...
මට උඹ ළඟ හුරතල් වෙන්ට ඕන කමක් නැ.. අල්ලන ඉම්බින්ට ඕනත් නැ... හැබැයි ...........
උඹේ නපුරු කමක්වත් පෙන්වනවානම්.... උඹට පිං.....
අකාලෙට වැටෙන පොල් වගේ මගේ පපුව හිටපු ගමන්  උඹේ නමින් ගැහෙන්නෙ නැ බන්...
කළුතර මෝයෙන් මුහුදට වතුර ගහනවා වගේ සද්දෙට නොනැවතීම පපුව උඹේ නමින් ගැහෙනවා........ දඟලන්නේ නැතිව අහපන්...
         
         මේ වෙලාවේ මම free සද්ද නැතිව අහනන් ඉඳපන්... ...................................................


  • Twitter
  • Beautifull love
  • You tube
  • Facebook
  • RSS

“අද එන්නෙත් නැති හෙට එන්නෙත් නැති මගේ හුරතලේ.............................


“අද එන්නෙත් නැති හෙට එන්නෙත් නැති මගේ හුරතලේ.............................
Add caption

 අප්පා.......... එ කාලේ.. හරි හරියට මගෙත් එක්ක කෝලම් හතයි.
 බලන්ට එපැයි.. ඒකිගේ සිරික්කිය....
 සිනි බෝතලේට  පැණි හට්ටිය වැටුන වගේ..........
 හිනා වෙනවා..... රවනවා....... බනිනවා........
 අනේ අම්මේ...........

      උඹ තමා හරි හුරතලේ ඉතින්.....

 අනේ මට වෙන සිරික්කියක් ඕන නැ බන්.. උඹේ සිරික්කිය නැතත් මම ඔලුවේ  හදා  ගත්තු    මුඩුක්කුවක ට්‍රන්ක පෙට්ටියක් ඇතුලේ  උඹේ කෝලම් ගබඩා කරලා තියෙන්නේ.. හිටපු ගමන් මම ඕක අරන්.. පිහල කරලා අරන් තියනවා. එ මුඩුක්කුව කිසි පිළිවෙලක් නැ බන්. අර ට්‍රන්ක පෙට්ටිය විතරයි පට්ටට තියෙන්නේ..
     යාලුවෝ කිව්වා ඕක විසි කරලා අලුත් එකක් ගනින් කියල.. එහෙම කියපු සමහර උන්ට.. දැන් මුඩුක්කුත් නැ ඔන්න... පරණයි වගේ පෙනුනට.. කව්රුවත් දන්නේ නැ බන්.. ඒක හරිම පිළිවෙලයි කියල. ඔන්න ඉතින් පරණ බඩු කාරයන්ට සිල්ලරට ඕක විකුනන්ටනම් මම අපායට යනකම් ඉඩ තියන්නේ නැ..
     හැමෝම දිව්‍යලෝකේ යන්න හදන එකේ මම shape එකේ.. අපායට visa හදනවා. මොකද උඹ එහෙට එයි..  කියල මට හිතෙනවා.. අවුලක් නැ........... අපි දෙන්නා යමයටත්  ඉlove කරන්ඩ පුරුදු කරමු......... මට ආසයි  උඹත් එක්ක ලෝ දිය හැලියේ කිමිදීල  උඹව ඉම්බින්ට  මේ බොරුනම් උඹත් අපයටම එන්න ඕන.............
                                          නුඹ එන තුරු අපා මගේ හිදිකඩ මම බලා හිඳි.........................

  • Twitter
  • Beautifull love
  • You tube
  • Facebook
  • RSS

මුල් කතා බහ.

මට හිතුන, මේ ආදරෙත් එක්ක මිනිස්සුන්ගේ හැඟීම් කොයි තරම් වෙනස් වෙනවද කියල, ඒ හන්ද, මගේ අදහස් එකතු කරලා. ආදරේ විවිද ස්වරූප තවත් එක කෝනෙකින් බලන්න මටත් ඕන වුණා. මේ එහි ආරම්භය පමණයි.

  • Twitter
  • Beautifull love
  • You tube
  • Facebook
  • RSS