හිතින් වයසයි.



       

කෙලින් හිටගෙන උඹට අත වනන්ට හැදුවට. දනිස් පොල්කටු දැන් වාරු නැහැ බන්. නාකි වෙන්ට කල්තිබුනට  වයසට වඩා උඹේ  පරණ මතකයන් මවත් අරන් නාකි වෙලා. අයෙත් තරුණ වෙලා උඹේ කොමලේ බලන්ට අසයි මම.. ඒත් උඹත් නාකි වෙලාද.. තවම ළමිස්සියක්ද  කියලවත් මම දන්නේ නැහැනේ......

      හුනියන් නොකරපු මට කව්දෝ හුනියමක්වත් කරාද මන්ද,
      මම උඹ ගැන හිත හිත ලත වෙන්නේ නැහැ. මට පිස්සුවක් ඇතැ.. නාකි වෙලා කෙල්ලක්  
      ගැන හිතන්ට.. එ උනාට මගේ හුස්ම තවමත් තරුණයි. බන්.     

අනික උඹත් එක්ක හුරතල් වෙන්ට මට වෙලාවකුත් නැහැ.
ඒත් මගේ හිත උඹත් එක්ක හුරතල් වෙන්ට time download කරනවද මන්ද. 
රැට ඇස් අරගෙන හිටියම දවසට පැය48 යි මට.  උඹ මට හොරෙන් තප්පරයක් ගෙවනකොට.
මම උඹත් එක්ක තප්පර 2ක් නාකි වෙනවා.
  
      පුලුවන්නම් මාව තරුණ කරපන්,, බැරිනම්,, නිකන් හිටපන්,, ඒකත් මම තනියම බලා 
      බලා ගන්නම්. හැබැයි මට නාකියා නාකියා විතරක් කියන්ට එපා,
      මොකද උමබත් දැන් හිතන තරම් තරුණ නැතිවති..    

                 නාකිද නැද්ද බලමුද,,,,, එහෙනම්,, හෙටවත් කතා කරපන්,,,,,,,,,                       
            

  • Twitter
  • Beautifull love
  • You tube
  • Facebook
  • RSS

0 comments:

Post a Comment