කොතැනක හිටියත් ඔබ මෙලොවේ....

 GEM CREATIONS

අද මම ඔයාලට කියන්න යන්නේ අපුරු කතාවක්.
ඇත්තටම මගේ යාළුවො ඕන කෙනෙක් අහලා තියන හරිම ලස්සන ගීතයක්නේ මේ තියෙන්නේ...
 එහෙම නේද? ඉතින් මේ ගීතය නිර්මාණය වීම සඳහා පදනම වූ අපුරු කතාව තමා මේ කියන්න හදන්නේ. සමහරුනම් අහලත් ඇති. ඒත් නොදන්නා අයත් ඉන්නවනේ...

 මීට දශක කිහිපයට පෙර තමා මේ අපුරු සිද්ධිය සිදු උනේ... එක්තරා පුංචි ගම්මානෙක හරි ලස්සන පුංචි කොලු ගැටයෙක් හිටියා.. මෙයා ඉගෙනීමට බොහෝම දක්ෂයෙක්... මෙයාගේ තාත්තා කලේ ගොවිතැන.. නමුත් ඉතින් මෙයාලා හරිම අහිංසක පවුලක්.. වත් පොහොසත් කම අතිනුත් දුප්පත් පව්ලක්.. මෙයා ඉගෙනීමට දක්ෂයා  නිසා ගෙදර උදවිය මෙයා පිලිබඳ ගොඩාක් බලාපොරොත්තු තියං හිටියා.. ඉතින් මෙයත් ඒ බලාපොරොත්තු තව තවත් වැඩි කරමින් බොහෝම අපුරුවට අධ්‍යාපන කටයුතු වල නිරත වුණා. කාලයාගේ අවෑමෙන්  බොහෝම හොඳට එවකට "" එස් එස් සී "   සමත් උණු මෙයා නගරයට එන්නේ බොහෝම දහසක් බලාපොරොත්තු තියාගෙන....

මෙයාගේ එකම සිහිනය වුනේ කොහොම හරි  @@vද්‍ය වරයෙක් වෙන එක.. ඉතින් අපුරුවට මෙහෙම ඉගෙන ගනිමින් ඉන්නකොට, වැඩි දුර අධ්‍යාපනය සඳහා මෙයා උපකාරක පන්තියකට සම්බන්ධ වෙන්න තීරණය කළා.. ගෙදරිනුත් කිව්වේ " පුතා වෙනුවෙන් අපි කොමහරි විය පැහැදම් දරන්නම් මයේ පුතා හොදට ඉගෙන ගන්නකෝ " කියලා.


ඉතින් ඔන්න මෙයා ඒ පන්තියට ඇතුළු වුනා.. ඔහොම ටික කාලයක් යනකොට පන්තියේ හිටිය ලස්සනම ගැහැණු ළමයා ගැන මෙයාගේ හිතට අදහසක් එනවා. ( ඔන්න කාපු තැන නේද? පව අහිංසකයා) මම නිකමට එහෙම කිව්වේ හොඳේ.. ඉතින් මෙයාට හරි බයයි මේ ගැන කාටවත් කියන්න.නමුත් ඉතින් කාලයක් යනකොට මෙයාගේ හිතේ ඒ ආදරය වද දෙන්න පටන් ගත්තා. කොල්ලා ගත්තා හිතට ශක්තිය.. බොහොම අමාරුවෙන් යනවා දැන්... ගැනුළමයාගේ යාළුවො වටේටම. මෙය ගියා.. අනේ අත් දෙකත් වෙව්ලනවා.. කටේ කෙල බිඳක් නැහැ.. ගැහැණු ළමයත් බොහොම ආඩම්බරයි..


ඕන දෙයක වෙන්න.... 

" මට ඔයත් එක්ක වචනයක් කතා කරන්න පුලුවන්ද?..."
" මගෙත් එක්ක මොනවා කතා කරන්නද "


කිව්වා ගැහැණු ළමයා බස් එකට ගොඩ වෙලා යනවා.. කොල්ලා වැඩේ අතාරින්නෙම නැහැ... අවසානෙදි මොහු ජය ගන්නවා... බොහොම සතුටෙන් මෙයා කාලය ගත කරනවා. නමුත් අධ්‍යාපනයට බාධාවක් වෙන්නෙත් නැහැ.. කෙසේ වෙතත් හින්දි චිත්‍රපටියක වගේ... මේ ගැහැණු ළමයාගේ ගෙදරින් මේ සම්බන්ධයට විරුද්ධ වෙනවා... මොන දේ කොහොම  වුනත් මේ දෙන්නම පණට පණ තත්වය විසඳන්න බැරිම තැන... වෙන දේ බොහොම දුක බර වෙනවා.

මේ පෙම්වතිය ගෙදරින් පිටරට යවනවා... ආදර වන්තයා බොහොම අසරණ වෙනවා. නමුත් තමන්ගේ  අය තමා ගැන දහසක් බලාපොරොත්තු තියන ඉන්නවා...  " මම කොහොම හරි ඉගෙන ගන්නවා මේ හැම දේම මට අය ලබා ගන්න නම මම හොද තැනකට එන්න ඕන. එයාව මගේම කර ගන්න නම්, එකටත් විසඳුම ඒකම විතරයි...


තමාගේ දැඩි අරමුණ පෙරදඩ්ව  මොහු @@vද්‍යවිද්‍යාලයට ඇතුළු වෙනවා. එවකට ලංකාවේ හොදම ප්‍රතිපල දහය අතරට එන්න සමත් වෙන මොහු.. විශ්වවිද්‍යාල පරිසරය තුළදීවත් කිසිම ගැහැණු ළමයෙක්‌ සමග සම්බන්ධ කමක් පවත්වන්නේ නැහැ.


ම්ම්ම්.. එයා දවසක මාව හොයාගෙන එයි. මම දන්නවා මම වගේම කොහේ හරි ඉඳං මයේ පණ මට මේ වගේම ආදරේ කරනවා කියලා.. මගේ හදවත අයිති ඔයාට විතරයි.. මම ඔයා එනතුරු මග බලාන ඉන්නවා.. සත්තයි...

කාලය ගෙවී යනවා.. මොහු එවකට ලංකාව තුල සිටින අති දක්ෂ @@vද්‍යවරයෙක් බවට පත් වෙනවා.. අවුරුදු හත අටක කාලයක් තුළ.. හිතින් පෙම් වඩනවා.. තනියම කතා කරනවා.. හදවතින් ඇයව සතුටින් තබනවා.. සමහර අවස්ථා වල ඔහු වෙනත් අය එක සැරේම දකින්නේ ඇය වගේ.. මෙයාගේ මුළු ශරීරයම පන නැතිව යනවා ඒ වෙලාවට.. මෙයා නැවත හැරී බලන විට මේ එයාගේ පෙම් වතිය නෙමේ.. මෙම කාලය තුළ දස දහස් වතාවක් මේ සිදු වීම සිදු වෙනවා..

එය සත්‍යක් බවට මෙය කියවන පෙම්වතුන් සාක්ෂි දරනවා .. නේද?...... හ්ම්.... සත්තකිම්ම ඒක ඇත්ත මගේ යාලුවනේ..

කෙසේ වෙතත් මොහු කොළඹ ඔහුගේ නිවසේ සිට තමා රාජකාරියට යන්නේ. මේ දොස්තර මහත්තයට හැමෝගෙම ආදරය ලැබුනා. මෙයා තමන්ගේ දෙමව්පියන්ව කොළඹ ගෙනාවා.. කොයි වෙලාවකවත් කසාදයකට කිසිම කැමැත්තක් දැක්‌ වුවෙත් නැහැ ..

දවසක් අම්මලා ගමේ ගිය වෙලාවක.. මෙයා එලියට වෙලා පොතක් කියවමින් ඉන්නවා.. ඔන්න ඔය අවස්ථාවේදී නිවසට දුර කථන ඇමතුමක් ආවත්. මෙයා පොතේ සිහියෙන් ඉන්න නිසා මෙයාට එය ඇහෙන්නේ නැහැ. අඩ පැයකට පමණ පසු මෙයා නිවසට ගිය පසුව රෝහලෙන් ඇමතුම එන්නේ...


" අනේ  doctor  ඉක්මනින් එන්න... හදිසි ලෙඩෙක්.. පැය බාගයක්  ඇතුලත සැත්කමට ගන්න ඕන " කියලා.

බොහොම  ඉක්මනට තමන්ගේ වාහනෙන් රෝහලට ගිය මොහු... හරිම කඩිමුඩියේ  රෝහල ඇතුලටම යනවා... වෙලාව පස්වරු 2.30 ට පමණ ඇති... එකම ශබ්දය  මොහුගේ සපත්තු ශබ්ධය පමණයි... හදිසියේම නිහඬ බව සුන්නද්දුවිලි කරමින්... කාන්තාවක් ඇවිත් ඔහුගේ දෙපාමුල වැටෙන්නේ... " අනේ  දොස්තර මහත්තයෝ මගේ  මහත්තයාව බේරලාදෙන්න " කියමින්.. උරහිසින් ඇයව ඉහලට නංවා බය වෙන්න එපා කියලා මෙයාට වචන ඉවර කරන්න ලැබුනේ නැහැ..

සැවොම පුදුම කරවමින් දොස්තර මහත්තයා මේ හදිසි අවස්ථාවේ ගල් ගැහිලා... දෙයියනේ..... මේ මගේ පණ නේද... අවුරුදු ගානක් හදවතින් පෙම් බැන්ද තමන්ගේ හදවත ඔහු ඉදිරියේ,,, ඔහුගේ සැමියාගේ පණ තමන්ගෙන් අයදිනවා... ඇයට මොහුව අඳුරන්න බැහැ රුපයෙන් මොහු දැන් වෙනස්... කම්පනය හදවතින් දරාගෙන හදවතේ කඳුළු පිටට නොගෙන.. සැත්කම කරනවා... ඔහු සැත්කමෙන් සුවය ලබනවා... මොහු සදා කල් තනිකඩයෙක් බවට පත්වෙනවා... ඇයට කිසිම දෙයක් මොහු පවසන්නේ නැහැ...

" ඔබ එනතුරු මම තනියෙන් සිටියා.. 
ඔබ වෙන කිසිවකු සමගින් ආවා......
ඔහු දිවි රැකුමට මට වර ලැබුණා.......
පිරිසිදු ලිය ඔබ දිගුකල් ජීවත් වෙන්නකෝ........"

ඇත්තෙන්ම  ජෝතිපාල මහත්මයාගේ සමහර ගීතයන් අදටත් ජීවමාන වන්නේ... ඔහුගේ ප්‍රේමාන්විත  මධුර  හඬ නිසාම පමණක් නොව. බොහොම ගී වල සැඟවුණු යථාර්තයක් තිබෙන නිසාමය... මෙවන්  සිදු වීම් තව කොපමනනම් ඇත්ද... සත්තකිම්ම ඒ හැම ගීයකම මුලික කතාව අහන්න තියනවනම් අපි කොච්චර වාසනාවන්තද.... තරහ නැතිව දැන් මේ ගීතය ඇස් පියාන අහන්න... මට වගේම ඔයාලටත් දැනෙනවද බලන්න.... මොනා හරි අමුතුම හැගීමක්..... \

                        buddhika   sandaruwan   senanayake








  • Twitter
  • Beautifull love
  • You tube
  • Facebook
  • RSS

0 comments:

Post a Comment