පඬුරු කාසි

සෙනෙහෙ පතා දෙවොල් පුරා පා නගලා
නදේ සිතින් දෙවියන් හට පින් දුන්නා
වරම් අහිමි කලේ ඇයිදෝ සමිදු මගේ
පඬුරු කාසි නුඹටත් රහ වැටිලා වගේ

උකස්‌ කරපු හදවත දැන් සින්න වෙලා
ප්‍රේම පොලි හදවත මට අහිමි කළා
තිබුණු එකම වස්තුව මට අහිමි උනා
හිඟමන් ප්‍රේමයේ යදිමින් ඉන්න උනා

වරම් අහිමි කලේ ඇයිදෝ සමිදු මගේ
පඬුරු කාසිනුඹටත් රහ වැටිලා වගේ...

කාසි පනං සොයන්න මම පිය මැන්නා
නැති හදවත මාගේ යලි ඉකිබින්දා
අසරණ වී මා නුඹ හට දුක කිවා
පඬුරු කාසි නැති මා නුඹ මග හැරියා

වරම් අහිමි කලේ ඇයිදෝ සමිදු මගේ
පඬුරු කාසි නුඹටත් රහ වැටිලා වගේ...


බුද්ධික සඳරුවන් සේනානායක.

  • Twitter
  • Beautifull love
  • You tube
  • Facebook
  • RSS

නොලද වරම්


රම්‍ය සඳ කැන් නිවී 
නෙතු හඩවයි තුන් ලෝ පුරා
විඳිනට සෙනෙහස් මා සතු
වරම් නොලද නුඹ වෙන් වෙලා

නිම් නොවූ ඇතක
සමුගෙන පා තැබූ
ලස්සන හදවත් වෙලා මුලා
යන්නම් සමුගෙන
හද පිරි සතුටින්
තුන් ලෝ දහමින් සිත සඟවා

මා සෙවූ මීවිත 
මධු පැන් රසවිඳ
පෙම් ලොල් දැහැනින්
රුව සඟවා
සිටියත් පෙර දින
අද මා තනිවය
සුවඳ දැනේ තව සිතම පුරා

  • Twitter
  • Beautifull love
  • You tube
  • Facebook
  • RSS

අහින්සකි...


හොරෙන් ඇවිත් මගේ සිතේ 
දොරගුළු හැරලා
මටත් හොරෙන් මගේ හිතේ
 පැල්පත් හදලා
සිනා පිරුණු ලොවකට මා 
අරන් ගිහිල්ලා
මතකයි අපි පෙම්බැන්දා
 පෙම්වතුන් වෙලා


හිටි හැටියේ පැල්පත මගේ 
අළු වෙලා ගියා
අව්ව සැරයි සුළං වැඩියි
 නුඹ ඉගිල ගියා
සෙනේ සිතින් මාලිගයක් 
ආයෙ හදාලා
අත වැනුවේ ආය පියඹා
 එන්නයි කියලා

නොයෙන නිසා බලන්න මා
 පියමන් මැන්නා
මටත් නොදැනී මගේ නෙතින්
 කඳුලක් වැටුණා
අහින්සකි මටත් හොරෙන්
 මගෙන් වෙන්වෙලා
තවත් හදක අමුතුම
 පැල්පතක් තනාලා

  • Twitter
  • Beautifull love
  • You tube
  • Facebook
  • RSS

කොතැනක හිටියත් ඔබ මෙලොවේ....

 GEM CREATIONS

අද මම ඔයාලට කියන්න යන්නේ අපුරු කතාවක්.
ඇත්තටම මගේ යාළුවො ඕන කෙනෙක් අහලා තියන හරිම ලස්සන ගීතයක්නේ මේ තියෙන්නේ...
 එහෙම නේද? ඉතින් මේ ගීතය නිර්මාණය වීම සඳහා පදනම වූ අපුරු කතාව තමා මේ කියන්න හදන්නේ. සමහරුනම් අහලත් ඇති. ඒත් නොදන්නා අයත් ඉන්නවනේ...

 මීට දශක කිහිපයට පෙර තමා මේ අපුරු සිද්ධිය සිදු උනේ... එක්තරා පුංචි ගම්මානෙක හරි ලස්සන පුංචි කොලු ගැටයෙක් හිටියා.. මෙයා ඉගෙනීමට බොහෝම දක්ෂයෙක්... මෙයාගේ තාත්තා කලේ ගොවිතැන.. නමුත් ඉතින් මෙයාලා හරිම අහිංසක පවුලක්.. වත් පොහොසත් කම අතිනුත් දුප්පත් පව්ලක්.. මෙයා ඉගෙනීමට දක්ෂයා  නිසා ගෙදර උදවිය මෙයා පිලිබඳ ගොඩාක් බලාපොරොත්තු තියං හිටියා.. ඉතින් මෙයත් ඒ බලාපොරොත්තු තව තවත් වැඩි කරමින් බොහෝම අපුරුවට අධ්‍යාපන කටයුතු වල නිරත වුණා. කාලයාගේ අවෑමෙන්  බොහෝම හොඳට එවකට "" එස් එස් සී "   සමත් උණු මෙයා නගරයට එන්නේ බොහෝම දහසක් බලාපොරොත්තු තියාගෙන....

මෙයාගේ එකම සිහිනය වුනේ කොහොම හරි  @@vද්‍ය වරයෙක් වෙන එක.. ඉතින් අපුරුවට මෙහෙම ඉගෙන ගනිමින් ඉන්නකොට, වැඩි දුර අධ්‍යාපනය සඳහා මෙයා උපකාරක පන්තියකට සම්බන්ධ වෙන්න තීරණය කළා.. ගෙදරිනුත් කිව්වේ " පුතා වෙනුවෙන් අපි කොමහරි විය පැහැදම් දරන්නම් මයේ පුතා හොදට ඉගෙන ගන්නකෝ " කියලා.


ඉතින් ඔන්න මෙයා ඒ පන්තියට ඇතුළු වුනා.. ඔහොම ටික කාලයක් යනකොට පන්තියේ හිටිය ලස්සනම ගැහැණු ළමයා ගැන මෙයාගේ හිතට අදහසක් එනවා. ( ඔන්න කාපු තැන නේද? පව අහිංසකයා) මම නිකමට එහෙම කිව්වේ හොඳේ.. ඉතින් මෙයාට හරි බයයි මේ ගැන කාටවත් කියන්න.නමුත් ඉතින් කාලයක් යනකොට මෙයාගේ හිතේ ඒ ආදරය වද දෙන්න පටන් ගත්තා. කොල්ලා ගත්තා හිතට ශක්තිය.. බොහොම අමාරුවෙන් යනවා දැන්... ගැනුළමයාගේ යාළුවො වටේටම. මෙය ගියා.. අනේ අත් දෙකත් වෙව්ලනවා.. කටේ කෙල බිඳක් නැහැ.. ගැහැණු ළමයත් බොහොම ආඩම්බරයි..


ඕන දෙයක වෙන්න.... 

" මට ඔයත් එක්ක වචනයක් කතා කරන්න පුලුවන්ද?..."
" මගෙත් එක්ක මොනවා කතා කරන්නද "


කිව්වා ගැහැණු ළමයා බස් එකට ගොඩ වෙලා යනවා.. කොල්ලා වැඩේ අතාරින්නෙම නැහැ... අවසානෙදි මොහු ජය ගන්නවා... බොහොම සතුටෙන් මෙයා කාලය ගත කරනවා. නමුත් අධ්‍යාපනයට බාධාවක් වෙන්නෙත් නැහැ.. කෙසේ වෙතත් හින්දි චිත්‍රපටියක වගේ... මේ ගැහැණු ළමයාගේ ගෙදරින් මේ සම්බන්ධයට විරුද්ධ වෙනවා... මොන දේ කොහොම  වුනත් මේ දෙන්නම පණට පණ තත්වය විසඳන්න බැරිම තැන... වෙන දේ බොහොම දුක බර වෙනවා.

මේ පෙම්වතිය ගෙදරින් පිටරට යවනවා... ආදර වන්තයා බොහොම අසරණ වෙනවා. නමුත් තමන්ගේ  අය තමා ගැන දහසක් බලාපොරොත්තු තියන ඉන්නවා...  " මම කොහොම හරි ඉගෙන ගන්නවා මේ හැම දේම මට අය ලබා ගන්න නම මම හොද තැනකට එන්න ඕන. එයාව මගේම කර ගන්න නම්, එකටත් විසඳුම ඒකම විතරයි...


තමාගේ දැඩි අරමුණ පෙරදඩ්ව  මොහු @@vද්‍යවිද්‍යාලයට ඇතුළු වෙනවා. එවකට ලංකාවේ හොදම ප්‍රතිපල දහය අතරට එන්න සමත් වෙන මොහු.. විශ්වවිද්‍යාල පරිසරය තුළදීවත් කිසිම ගැහැණු ළමයෙක්‌ සමග සම්බන්ධ කමක් පවත්වන්නේ නැහැ.


ම්ම්ම්.. එයා දවසක මාව හොයාගෙන එයි. මම දන්නවා මම වගේම කොහේ හරි ඉඳං මයේ පණ මට මේ වගේම ආදරේ කරනවා කියලා.. මගේ හදවත අයිති ඔයාට විතරයි.. මම ඔයා එනතුරු මග බලාන ඉන්නවා.. සත්තයි...

කාලය ගෙවී යනවා.. මොහු එවකට ලංකාව තුල සිටින අති දක්ෂ @@vද්‍යවරයෙක් බවට පත් වෙනවා.. අවුරුදු හත අටක කාලයක් තුළ.. හිතින් පෙම් වඩනවා.. තනියම කතා කරනවා.. හදවතින් ඇයව සතුටින් තබනවා.. සමහර අවස්ථා වල ඔහු වෙනත් අය එක සැරේම දකින්නේ ඇය වගේ.. මෙයාගේ මුළු ශරීරයම පන නැතිව යනවා ඒ වෙලාවට.. මෙයා නැවත හැරී බලන විට මේ එයාගේ පෙම් වතිය නෙමේ.. මෙම කාලය තුළ දස දහස් වතාවක් මේ සිදු වීම සිදු වෙනවා..

එය සත්‍යක් බවට මෙය කියවන පෙම්වතුන් සාක්ෂි දරනවා .. නේද?...... හ්ම්.... සත්තකිම්ම ඒක ඇත්ත මගේ යාලුවනේ..

කෙසේ වෙතත් මොහු කොළඹ ඔහුගේ නිවසේ සිට තමා රාජකාරියට යන්නේ. මේ දොස්තර මහත්තයට හැමෝගෙම ආදරය ලැබුනා. මෙයා තමන්ගේ දෙමව්පියන්ව කොළඹ ගෙනාවා.. කොයි වෙලාවකවත් කසාදයකට කිසිම කැමැත්තක් දැක්‌ වුවෙත් නැහැ ..

දවසක් අම්මලා ගමේ ගිය වෙලාවක.. මෙයා එලියට වෙලා පොතක් කියවමින් ඉන්නවා.. ඔන්න ඔය අවස්ථාවේදී නිවසට දුර කථන ඇමතුමක් ආවත්. මෙයා පොතේ සිහියෙන් ඉන්න නිසා මෙයාට එය ඇහෙන්නේ නැහැ. අඩ පැයකට පමණ පසු මෙයා නිවසට ගිය පසුව රෝහලෙන් ඇමතුම එන්නේ...


" අනේ  doctor  ඉක්මනින් එන්න... හදිසි ලෙඩෙක්.. පැය බාගයක්  ඇතුලත සැත්කමට ගන්න ඕන " කියලා.

බොහොම  ඉක්මනට තමන්ගේ වාහනෙන් රෝහලට ගිය මොහු... හරිම කඩිමුඩියේ  රෝහල ඇතුලටම යනවා... වෙලාව පස්වරු 2.30 ට පමණ ඇති... එකම ශබ්දය  මොහුගේ සපත්තු ශබ්ධය පමණයි... හදිසියේම නිහඬ බව සුන්නද්දුවිලි කරමින්... කාන්තාවක් ඇවිත් ඔහුගේ දෙපාමුල වැටෙන්නේ... " අනේ  දොස්තර මහත්තයෝ මගේ  මහත්තයාව බේරලාදෙන්න " කියමින්.. උරහිසින් ඇයව ඉහලට නංවා බය වෙන්න එපා කියලා මෙයාට වචන ඉවර කරන්න ලැබුනේ නැහැ..

සැවොම පුදුම කරවමින් දොස්තර මහත්තයා මේ හදිසි අවස්ථාවේ ගල් ගැහිලා... දෙයියනේ..... මේ මගේ පණ නේද... අවුරුදු ගානක් හදවතින් පෙම් බැන්ද තමන්ගේ හදවත ඔහු ඉදිරියේ,,, ඔහුගේ සැමියාගේ පණ තමන්ගෙන් අයදිනවා... ඇයට මොහුව අඳුරන්න බැහැ රුපයෙන් මොහු දැන් වෙනස්... කම්පනය හදවතින් දරාගෙන හදවතේ කඳුළු පිටට නොගෙන.. සැත්කම කරනවා... ඔහු සැත්කමෙන් සුවය ලබනවා... මොහු සදා කල් තනිකඩයෙක් බවට පත්වෙනවා... ඇයට කිසිම දෙයක් මොහු පවසන්නේ නැහැ...

" ඔබ එනතුරු මම තනියෙන් සිටියා.. 
ඔබ වෙන කිසිවකු සමගින් ආවා......
ඔහු දිවි රැකුමට මට වර ලැබුණා.......
පිරිසිදු ලිය ඔබ දිගුකල් ජීවත් වෙන්නකෝ........"

ඇත්තෙන්ම  ජෝතිපාල මහත්මයාගේ සමහර ගීතයන් අදටත් ජීවමාන වන්නේ... ඔහුගේ ප්‍රේමාන්විත  මධුර  හඬ නිසාම පමණක් නොව. බොහොම ගී වල සැඟවුණු යථාර්තයක් තිබෙන නිසාමය... මෙවන්  සිදු වීම් තව කොපමනනම් ඇත්ද... සත්තකිම්ම ඒ හැම ගීයකම මුලික කතාව අහන්න තියනවනම් අපි කොච්චර වාසනාවන්තද.... තරහ නැතිව දැන් මේ ගීතය ඇස් පියාන අහන්න... මට වගේම ඔයාලටත් දැනෙනවද බලන්න.... මොනා හරි අමුතුම හැගීමක්..... \

                        buddhika   sandaruwan   senanayake








  • Twitter
  • Beautifull love
  • You tube
  • Facebook
  • RSS

ඔබ ගාව මම ඉන්නෙමි


තාරුණ්‍යයේ. නැවුම් මල් මිටක් 
තුරුළු කරන් පෙම් රස වෑහෙන තුරු  සෙනෙහසේ නාමයෙන්  ආදරය විදින්නට ...
පෙම්වතුන් ගේ සතුට සපිරි අවිහිංසක බලාපොරොත්තුව...
                                විවාහය.....



    මනෝ ලෝක දස දහස් ගණනක නිදි පරාජය කොට දෙනෙත් හැර සිහින දකින්නෝ...පෙම්වතුන්ම නොවේද?... සඳ එළියේ තරු බලාන... අහස් ගඟට කවි ලියන්න සමත්තෝ.... පෙම්වතුන්ම නොවේද?... අනුන් සැවොම සතුටු වෙන විට බිම බලාන තනියම සිනාසෙන ඇත්තෝ... පෙම් රස විඳින ඇත්තෝ... නොවේනම්... කවුරුන්ද...

ඒ සැම දනාගේම අවිහිංසක සිහින සාප්පුවේ... ජීවත් වෙන්නේ... ඔවුන්ම පමණක් නොවේද?.... පැතුම් පතන්නේ...හොර රහසේම... අපි අපේම වන්නේ... කෙදිනද... අපටම සෙනෙහසින් බරවුණු කැදැල්ලක් තනන්නේ කවදාද?.... ලෙසින්මය... 

             දින ගනිමින් සිටි දවස පැමිණි කල... බොහෝම හැඩට සැරසීගෙන එන්නේ තම අනාගත සහකාරිය සහකරු තමන්ගේම කර ගන්න... කොපමණ කාලයක්නම් බලා සිටියද... අද අපි අපේම වෙලා... මේ සුන්දර රාත්‍රියේ මගේ පපුවට තුරුල් වෙන්න සදහටම සෙනෙහස විඳින්නට ඔයා අද මගේ ළඟටම ඇවිල්ලා... 
             
 තනිවෙලා මේ ගයන්නේ ඔයා ගැනමයි මම... මම ඔයාට ඈත පෙනෙන තරු මල් කඩාන ගෙනත් දෙන්නම්... මට බැරි නැහැ . ඔයා මගේ ළඟ ඉන්නකොට මම මුළු ලෝකෙම රජ වුනා වගේ... මට කරන්න බැරි දෙයක් නැහැ, සත්තයි. ඔයා මට කියනවනම්... මම තරු වුනත් කඩලා ඔයාට ගෙනත් දෙන්නම්....

ඇත්තමයි අර ඈත මැණික් කැට ලෙසින් දිලෙන්නේ.... අර තරු වගේ නිවෙන්නේ... තරු නෙමේ... මට කියන්න... ඒ මේ මගේ ළඟ ඉන්න සිධන්ගනාවිගේ ඇස් නේද?... හ්ම්... මටනම් මේ දෙනෙත් ඒ හැමදේකටම වඩා වටිනවා.. හරිම ලස්සනයි.. මගේ වාසනාව ඔයයි... කවදාවත් මේ සෙනෙහස අඩු වෙන්නේ නැහැ.. මම පොරොන්දු වෙනවා... හැමදාමත් මේ වගේමයි... මම දන්නවා ඔයත් එහෙමමයි....

මගේ මුළු ජීවිතේටම අර්ථයක් දුන්නේ ඔයා.... මගේ හදවත හැමදාමත් සනසන්නෙත් ඔයාමයි... ඉතින් මගේ තුරුලේ නිදන්න අවසර තියෙන්නේ හැමදාටම මගේ රත්තරන්ටම විතරයි... මම පොරොන්දු වෙනවා මේ ලස්සන මොහොතේ.... ඔයාටම විතරයි... හැමදාම කියලා.... මගේ හදවතිම්ම....

අපි දෙන්නා මේ වගේ හැමදාම සෙනේ හසින් ඉඳියි.... නමුත් අපිට මේ අත්මෙන් සමු ගන්න වෙයි... දුකයි... ඒත් එතනින් පස්සෙත් මම හොයන්නෙත් ඔයාවමයි.. සත්තමයි . මට ඔයාගෙන් තොඅර ලෝකයක් නැහැ.

පෙම්වතුන් දෙදෙනෙකු බලාපොරොත්තු වූ ඒ සුන්දරත්වය මල්පල ගන්වමින් මනමාල ගමනේ සුන්දරම යාමය පසු කරන තරුණ හදවතක් තම පෙම්වතිය ගැන වර්ණනා කරමින්.. නිම නොවූ සතුට ප්‍රකාශ කරන අන්දම කෙතරම් අපුරුවට නිර්මාණ කරුවා වටහා දී තිබෙනවද,,, ඇත්තෙන්ම මෙහිදී කවියා බොහෝම අපුරු රූපක ආදී යොදා ගනිමින් නිර්මාණය කල මෙහි... ගැඹුරු අරුතක් බැලූ බැල්මට නොපෙනුනත්...

     "මතු ජීවිතේදි......... මෙලොවෙන් තුරන් වී........"  යන අන්තරා කොටසින්... මෙම තරුණයා... බුදු දහම කෙරෙහි ඇති නැඹුරුව පෙන්වාදීමට කවියා උත්සහ දරා සිටිනවා,,, ඒ කාලෙදිත් ඔහු පතන්නේ ඇයවමයි... බුදු දහමට අනුව මරණින් මතු සිදු වන ක්‍රියාවන් දක්ෂ ලෙසට‍ පද නැංවීමට කවියා බොහෝම සැලසුම් ආකාරයේ සාහිත්‍ය නිර්මාණයක් කර තිබෙන බව කිව යුතුමය... එමෙන්ම.. බෞද්ධ ආගමේ සිල්වතකු හැටියට ජීවත් වන්නන්.. ගේ... සෙනේ හස... ආදරය කෙතරම්ද යයි... අපුරු අවබෝදයක් ශ්‍රාවක හදවතට දෙන්නට තරම් අපුර්විත නිර්මාණයක් ලෙස මෙම සුන්දර නිර්මාණය අපේ කළා කෙත අස්වැද්දු අතර පල නෙලීමට අපට මහා අස්වැන්නක් ලබා දුන්නේ... අපෙන් වෙන්වී ගිය විරහ ගීත ලොව රජු... මිල්ටන් මල්ලව ආරච්චි  මයන්මය ය.....


                                      බුද්ධික සඳරුවන් සේනානායක            

  • Twitter
  • Beautifull love
  • You tube
  • Facebook
  • RSS

ඔබේ සිනා ළඟ......

bs creations

දහසක් මල් මැද විකසිත රෝස මලකට පෙම් බඳින
 සොඳුරු බිඟු වෙකු... තමා සන්තක රෝස මල පර වෙන්න නොදී
 නිහඬව රොන්  උරා බොන ..සෙනෙහසේ නාමයෙන්
 අවිහිංසක අත්තටු සලමින්... ඒ වටා දඟ කරමින් දවටන 
ආල රැඟුම් කොතෙකුත් මේ ලොව ඇත්ද?.....

විරහවෙන් ස්වයං පෝෂිත කළා නිර්මාණ ලොවේ.. විරහවෙන් ඔබ්බට ගිය වන්දනීය ප්‍රේම වෘතාන්තයන් කනට ඇහෙන්නේ බොහෝම කලතුරකින්ම නොවේද?.... මගේ පෙම මගෙන් ඇතට ඉහිල ගිහින් යන අරුත් කළා නිර්මාණයන්ගෙන් අත නොහැරෙන තරමටම....විරහව කලාව මංගල කටයුත්තක් හෝ ගිවිසගෙන් වත් ද?.....

කෙතරම්නම් අපුරුද .... ප්‍රේමයේ වින්දනය අහන් ඉන්න දකින්න තියේ නම්... එසේ නොවන්නට දකින සොබා දහමෙන් ඇහෙන්නෙම් වෙන වී යෑම් පිලිබඳම වන්නේ කුමන අරුමයක් කරණ කොට ගෙනද ?....සබැ ලෙන්ගතු කම විඳින ඇත්තෝ මෙහි අරුමය නොපවසන්නේ මන්ද.... එහෙත් නැතිනම් අපේ සිත් වල කාලකන්නි කමට හොයන්නෙම විරහවද...

මං මගේ පණටත් වඩා ඔයාට ආදරෙයි...... කොපමණ නම් පෙම්වතුන් පෙම්වතියන් නිතරම පවසන වචන කිහිපයක්... ඊට පරි භාහිරව මේ වචන වල අරුත් නංවන්න හැකිනම් කාට හෝ.... ඔහු හෝ ඇය තම ආදරය කෙසේනම් විග්‍රහා කරයිද... කෙසේනම් අරුත් දනවයි ද....  මං පොන්චි කාලේ පහු වෙනකොට මගේ හිතේ සුන්දර සිතුවිලි පටන් ගත්ත.... මට තේරුමක් නම් නැහැ...ඒත් පහු වෙනකොට මට තේරුණා.... මගේ හිතේ පෙම් සිතුවිලි හට ගන්නා බවක්.. මට පෙම්වතියන් කිහිප දෙනෙක් හිටියා.. මම ඔවුන් සමග පෙම් කළා.. ඒ කාලය හරිම ලස්සනයි.. මම හිතුවේ ආදරේ කියන්නේ ඒ අපුර්වත්වයට කියලා....

අවන්කවම මම හිතුවේ නැහැ. ඊටත් වැඩ දෙයක් ආදරේ තියනවා කියලා... ම්ම්ම්ම්..... අනෙක් අයට වගේ නෙමේ... මට ඔයා එක්ක ජීවත් වෙනකොට මම ජීවත් වෙන බව දැනුනා... ඒක මෙහෙමයි කියලා මට කියන්න බැහැ...නමුත් ඔබේ සිනා ළඟ සිත නැවතුනු දා...  මට දැනෙන්න පටන් ගත්තා....මොනවද?... මම දන්නේ නැහැ.. මට හිතා ගන්නත් බැහැ... ඇත්තටම... ඒක සිහින පාරාදීසයක් වගේ....  

කොපමණ මල් වල ලස්සන දැක්කත්..... මට දැනුයි වැටහෙන්නේ.... මම ආදරේ කරන බව... ඔයාගේ ඇස ළඟ නැවතුනු මම.... ඔයාගේ ප්‍රේමණීය වචන වලින් සවන් පත් පිනවන මට ..... දැන් බොහෝම ලස්සනට තේරෙනවා.... මම දැන් දන්නවා..... ආදරය කියන්නේ මොකද්ද කියලා.... මේ ලෝ තලේ ඉන්න හැමෝම කියන මේ ප්‍රේමය මොකද්ද කියලා.... මම ඔයාගෙන් ඉගෙන ගත්තා..... මම ආදරෙයි...

මගේ හිතේ ඔයා ගැන තියන අපුර්විත ඒ ලෙන්ගතු කම ගැන මට ඉතිහාසයේ පෙම් වතුන්ගෙන් උපහැරණ දෙන්න බැහැ.... මොකද මම ඕන තරම් කවි ලිව්වා... ගීත ලිව්වා.. සියල්ලන්ටම ආදර වන්තයින් උපමා කළා...මට දැන් වට හෙනවා... මට කාටවත් අපේ ලෙන්ගතු කම උපමා කරන්න වරම නැහැ... ඔය ඇස් ළඟ නතර වුනු මම....  ඔය වචන වලට නැවතුනු මම ඒ හැමෝටම වඩා පෙම්වතෙක් හැටියට.... හද සන්තර්ර්පනයෙන් සෙනෙහස දෝර ගලනවා වගේ මට දැන් දැනෙන්නේ...

මේ විශ්වය පුරාවටම කොතරන්නම් තාරුකා ඇත්ද.... ඒ තරමටම මගේ හදවතේ දන පෙම් සිතුවිලි බොහොමයි... ඉතින් මන කොච්චර වාසනාවන්තද... මගේ ප්‍රේමය දන මට තියනවා... මට කියා ගන්න බැහැ ඒ නිම් නොවූ සතුට.... සදහටම මම ඔයා ළඟ නතර වුනේ ඒ හන්ද.....

                                                                "රත්තරනේ... අහන්නනම් එපා මීට පස්සේ ඇයි මට මෙච්චර ආදරේ කියලා හොඳේ....."

ආදරයේ සුන්දරත්වය වන්දනීය තෝතැන්නක් ලෙසින් ජීවිතයට සතුට එක්වුණු එක් තරුණයකු තම පෙම්වතියගෙන් ලද ප්‍රශ්නයට දුන් පිළිතුර කෙතරම්නම් අපුරුද... ඒ ලෙන්ගතු කම ඔහුට කෙලසකනම් දැනෙනවාද  යන්න මේ සාර්ථක නිර්මාණයේ සුන්දර හඬින්  ගුවනට මුසුවන විට පෙම් වතුන්ට දැනෙන හැගීමෙම්ම ඔබටම අවසරයි... janaka wickramasinghe යන් ගයන මේ ගීතය කොතරම නම් අපුරුද නැද්ද යන වගට........ සිතන්නට......අවසරයි ඔබට.......

                                              buddhika sandaruwan senanayake.......


  • Twitter
  • Beautifull love
  • You tube
  • Facebook
  • RSS

අවංක සීදේවි


  • Twitter
  • Beautifull love
  • You tube
  • Facebook
  • RSS


සිහින අසපුවේ රැඳෙන්න
සිනහ පොදක් රැගෙන එන්න
නෙතින් බලා සිනහ සෙන්න
ඇවිත් මුවින් හඬ නගන්න 

නුඹට වරම් නැති වේවිද?
සඳ සාවී අද නොයෙයිද?
මගේ සිහින බොඳව යයිද?
මල් සරාට දුක සිතෙයි ද?

අහන් ඉන්න මගේ රන්කඳ
කවි ලියන්නේ නුඹේ හදට
ඇහෙනවනම් මේ කවි හඬ
එන්න ඇවිත් පෙම් බඳින්න

  • Twitter
  • Beautifull love
  • You tube
  • Facebook
  • RSS

එකයායට මල්.......


       බොහෝ ගීතයන් නිර්මාණය වීමට අදටත් පාදක වනුයේ විරහවයි.. කෙනෙක් අහිමි සෙනෙහසට තරහව වඩන කල කෙනෙක් ඊට තවත් සෙනෙහසේ දිය දෝතක් එක් කරයි...නමුදු සැබෑවටම හදවතක උත්පාදනය වූ සෙනෙහසක් අහිමි වීම මගින් ඒ සමග කෝපයක් ඇති කර ගන්න ඔහුට,ඇයට පුලුවන්ද.....සත්‍ය කුමක් වුවද එවන් වූ හදවත් ඇත්තෙක් පිලිබඳ නිර්මාණය වූ මෙම ගීතයේ රස නීරස දිග හරුමට සෙනෙහසින් ඔබෙන් අවසරයි....

      '' එකයාටට මල් පීදුනු බිම තීරේ....
           පාර දිගේ කනින් කනට
       කොඳුර කොඳුර ඔබයි මමයි විතරයි හිටියේ.....''

     
       එකයාටට මල් පීදුනු බිම තීරේ.... ආදරය හදවතේ සන්තර්පණය වූ කලි.. ඒ මගින් ඇති වන සිතුවිලි දහරා බොහෝම සියු මැලි අරුත් ගෙන දක්වයි... ප්‍රේම වන්තයන් ප්‍රේමමවන්තියන්.. තමන්ගේ සෙනෙහස ගෙන හැර පාන්නට  සුන්දරතම රෝස මල් තිළිණයක් සේ යොදා ගනී..එය එසේ වන්නේ ආදරයේ ඇති පිවිතුරු බවම සංකේතවත් කරමින් බැව් කියා පෑම බොම වටිනා බව මට හැගී ගිය කරුණකි ...එවන් වූ හිත්  ඇත්තන් ජීවත් වන පරිසරය පවා සෙනෙහසේ නාමයෙන් සුන්දර වන්නට පටන් ගනී...
     
   පෙම්වතුන් ආදරයේ සුන්දරත්වය විඳින්නට වටපිටාවන් පවා එවන් වූ ස්ථාන සොයා ගනී. මෙහිදී  '' එකයාටට මල් පීදුදනු බිම තීරේ....පාර දිගේ කනින් කනට කොඳුර කොඳුර ඔබයි මමයි විතරයි හිටියේ.....'' යන්න මගින් මෙහි ආදරයෙන් පරාජිත වූ තරුණයාද වෙනත් සෙනෙහෙ වන්තයින් මෙන්ම බොහෝම සුන්දර හදවතකින් තම පෙම්වතිය  සමග කාලය ගෙවූ බව නිර්මාණකරුවා කියා පෑමට උත්සහ ගෙන තිබේ... ඒ වගේම ඔවුන් ගත කලේද ඉතා සොඳුරු කාලයක් බැව් එයින් ගම්‍ය වෙ..

       පෙවතුන් තම ආදරය විඳින්නට කාලය යොදා ගන්නේ... තමන් කාලය නිපවදවනවා ලෙසින්ය..එයින් මා අදහස් කලේ... ඔවුන් මොන දේ කොහොම තිබුනත් ඒ සියල්ල පසක ලා සෙනෙහස විඳින්නට කාලය අවකාශය ලබා ගන්නා නිසාවෙනි. 

        බොහෝම කල්  වෙලාව ඇතිව තම පෙම් වතිය මුණ ගැහුණු මෙම තරුණයා... ඉර බැසගෙන යන තුරුද තමාගේ සෙනෙහස විඳින බැව් මෙහිදී නිර්මාණකරුව හොවා දක්වයි..''රාස්සිගේ අව්ව වැටි දබ රන්  වූ ඔබ කෙහෙරැලි.." සන්ද්‍යා සමයෙහි හිරු මුකුලිත වන වෙලාවට නැගෙන හිරු කිරණින් වැටෙන රත්තරන් ආලෝකය එදා මෙදා තුල ගනී ව්‍යවහාරය තුල රාස්සිගේ අව්ව ලෙසින් නම් විය.. එමගින් ඉහත සඳහන් කරුණු පසක් කරලීමට නිර්මාණ කරු සමත් වූ වගක් පෙනී යයි.. 
      
         එමෙන්ම නිර්මාණය මගින් මවන විසිතුරු වචන වලින්... ශ්‍රාවකයා තුල ඉබේම චිත්ත රුප මැවීමට අවස්තාව සලසා දෙයි.. 

            සන්ද්‍යා සමයක... සුන්දර වට පිටාවක් මධ්‍යයෙහි .. ලස්සන පෙම්වතුන් දේපලක් බොහෝම ලස්සනට.. සෙනෙහසින් තුරුළු වෙලා මුකුළු කරමින් ඇවිදිනවා... ඒ අතරේ... රාස්සිගේ මනරම් වූ අව්ව වැටි රන්වන් පාටින් දිදුලන පෙම්වතියගේ වරලස හමා එන සොඳුරු සීතල සුළගත් එක්ක තාලෙට ඒ මේ අත සැරිසරනවා....

         අවටින් ඇහෙන්නේ... කුරුළු කිචි බිචියත් එක්ක ගොපලු දරුවෙකුගේ සුන්දර වස්දඬු රාවයක්.. මොනතරම්නම් අපුරුද.. ඒ අතර තුරේ අපි දෙන්නා ගලාගෙන යන දොළට බැහැල. දොලේ දියෙන් සතුටු වුනා... ඔයාට අමතක උනාට ඇත්තෙන්ම මට අද වගේම මේ දේවල් මතකයි.......

         නිර්මාණය තුල එන බොහෝ අර්තයන්ගෙන්.. අවිවාදයෙන්ම ගම්‍ය වන කරුණකි.. එනම්.. මෙම තරුණයා ගැමි තරුණයෙකි... වචන වල... තමාගේ අදරිගේ මතකයන් වල හැම දෙයකම බොහෝම අවිහිංසක සෙනෙහෙ පිරිණු සිතක් ගම්‍ය වෙ.. කළා කරුවා... ජීව මාන පද ගැලපුමක් කල අතර සනත් නන්දසිරි යන විසින් මෙය ජීව මාන කල බැව්.. අපි සියල්ල දන්නා කරුණකි...බොහෝම සිත් අද ගන්න සුළු ඉතාම ශබ්ද රසයෙන් පිරි සහ අර්ථ රසයකුත් ඇති,,, චිත්ත සිතුවිලි නිර්මාණය කරන මේ අපුරු නිර්මාණය... අපේ හදවත් තුල සැමදා ජීව මාන වන බැව්.නිසැකය... 


තමාගේ ආදරය තමාට අහිමි වූ විට.. බැන වදින. අපහස කරන.. නුතනයේ ප්‍රේමයේ අරුතක් නොදන්නා.. ආත්මාර්ථකාමී මෝඩ විරහයකයින් හට මෙය සිතන්නට ඉගෙන ගන්නට වටිනා සාහිත්‍ය නිර්මාණයකි..


                                                බුද්ධික සඳරුවන් සේනානායක            

  • Twitter
  • Beautifull love
  • You tube
  • Facebook
  • RSS

ඔබ මා හමුවුනු මේ ඉර හඳ යට.....



''ප්‍රේමය වනාහි සියල්ලන්ගේ හදවත් තුළ ලැගුම් ගන්නා,
 විටක යතාර්ථයෙන් ඔබ්බට ගිය ,,,
අවිහිංසක බලාපොරොත්තු ආශාවන් පොදි බැඳගත් සිහින මායාවක්....... තවත් විටක සැබෑවටම බලාපොරොත්තු සුන්නද්දුවිලි කරන
 හදවත් කලම්බවවන පිටට නොපෙනෙන 
මහා යුද්දයක්...''

සිතිවිලි වලින් ලෝකයක් මවන මේ තරුණ, මදි වියේ පමණක් නොව මහලු වූ හදවත් පවා ආශාවෙන් සොයන ප්‍රේමයේ ඉච්චාභන්ගත්වයෙන් උපදින විරහවෙන් එදා පටන් අද දක්වාම සාහිත්‍ය ලෝකයට එකතු වූ අපුරු නිර්මාණ ලෝක ඉතිහාසය තුළ කොපමනනම් බිහි වී ඇත්ද... හදවතට දැනෙන සොඳුරුතම සිතිවිලි සමුදාය මහා ශෝකයක් බවට නිර්මාණය වූ විට, තමා සතු අත්දැකීම් ලොවට හඩ නගා කියන්න වරම් නැති විරාහකයින් තමන්ගේ සිතට නගුනාවූ දුක නිර්මාණයන් බවට‍ පත කරන්නේ දැඩි වූ ආයාසයකිම්ම නොවේද? එවං විට සාර්ථක සාහිත්‍ය ලෝකයාගේ රස වින්දනය උදෙසා කළා ලෝකයේ දොරටු අභියස මං පෙත් තැනීම අරුමයක්ද?..........

මට ඔයාව ලබුනයින් පස්සේ මම හිටියේ හරිම සතුටින්... ඔයත් එහෙමයි... මට අමතක කරන්න බැහැ ඒ ගෙවුණු අතීතය.. ඔයාට අමතකද.. ඔය සුරත් අල්ලං මල් විසිරුණු පාර දිගේ පින්නට තෙමි  තෙමි අපේම ලෝකෙක හරිම සතුටින් ගිය හැටි... මට තවම දැනෙන්නේ මගේ රත්තරන් මොහොතකට කලින් මගෙත් එක්ක ඒ ගමන ගියා වගේ.. සත්තමයි.. ඔයා දැන් කොහේ ඉන්නවද කියල මම දන්නේ නැහැ. ඔය හිතනවා ඇති මම ඔයාගේ ලෝකෙන් සමු අරන් කියලා.. නැහැ. මම තවමත් ජීවත් වෙන්නේ ඔයා පිට කරපු හුස්මෙන්... මම කතා කරන්නේ ලෝකයත් එක්ක ඔයා මට මුමුණපු වචන වලින්... මම තවමත් හිනා වෙන්නේ ඔයාගේ හිනාවෙන්... මම ලෝකයක් දකින්නේ ඔයාගේ ඇස් වලින්..අපිදෙන්නා එකතු වුනු දා පටන් ඒ ගෙවුණු අතීතයේ හැම තත්පරයක්ම මට මේ මොහොතේ වගේම මතකයි..

 සමහර විට කවම දාකවත් ඔයාමගේ ලගට එන්නේ නැති වෙයි...
 කමක් නැහැ... මං දවසක අන්තිම ගමන ගියාම එදාටත් මං තනි වෙයි.. මගේ රත්තරන් හදවතගෙන් මම ඉල්ලන්නේ මෙච්චරයි... එදාටවත් මගේ ලගට ඇවිත් ඉන්නවද... මම තරහක් නැහැ අවේ නැතත්...ඒත් ඔයා ඉන්නවනම්... මගේ මතු භවයට වත් සතුටක් එකතු  වෙයි..

තම පෙම්වතිය තමාගෙන් ඈතට පියමන් කර බොහෝ කාලයක් ගෙවුනද.... තවමත් තමාගේ හදවත පෙම් කරන්නේ ඇයට... ඇයගෙන් කිසිම දෙයක් නොඉල්ලන තරමට අසරණ වූ පෙම්වතා  ඇයගෙන් ඉල්ලන්නේ... තමාගේ මරණින් පසුව හෝ තමා ගේ අබියසට එන ලෙසින් ය..ලේකකයා ශ්‍රාවකයාට හිතන්න බොහෝ දේ තිළිණ කොට ගීත රසයක් මුසු කොට නිර්මාණය ඉදිරි පත කරයි.. සැබෑවටම හිමි නොවන තම පෙම්වතිය පිලිබඳ හදවතින් ආදරය කරන තරුණයකුගේ හදවතක් තුල කැකැරෙන දුක පද ගණනාවකට සීමා කරමින් විරහවේ යතාර්ථය පසක් කර දීමට උත්සහ ගෙන තිබේ..සැබෑවටම ලෝකය තුල කෙතරම් වූ තරුණ තරුණියන් මෙවන් දුකකට හසු වී අත්ද... ඒ සියල්ලන්ගේම මතකයන් ආවර්ජනය කරමින්... සැබෑවටම හිතන්න ඉඩ දී.. ලාකේය ගීත ලෝකයට ඉදිරිපත් කල මෙම නිර්මාණය තවත් අපුර්විත වන්නේ කරුණාරත්න දිවුල්ගනයන්ගේ අපුර්විත වූ ගායනයෙන් බැව් අවසාන මතක් කරලීම මනාය..

                                           බුද්ධික සඳරුවන් සේනානායක 


  • Twitter
  • Beautifull love
  • You tube
  • Facebook
  • RSS

රෝස කැකුළ

               
                     
                      ගතින් වැටි

සිතින් නැගිට
අතින් දුන්න
රෝස කැකුළ
මටත් හොරා
හිතින් සෙව්ව
පුංචි මගේ
රෝස කැකුළ
හැමට හොරෙන්ගිහින් යන්න
පර නොවන්න මං සොයන්න  

  • Twitter
  • Beautifull love
  • You tube
  • Facebook
  • RSS

අමතක වීම


  • Twitter
  • Beautifull love
  • You tube
  • Facebook
  • RSS

සඳකඩ පහණක ....

                                                                              

සඳකඩ පහණක කැටයම් ඔපලා     කියන ගීතය අහල තිබුනට ඒකෙ තේරුම ගොඩාක් අය දන්නේ නැහැනේ..... බලන්නකෝ මේ ගීතයේ ගැඹුරු බව ...මෙහි සඳකඩ පහන රුපකයක් ලෙස අරගෙන තියෙන්නේ සැමියා නැති කුඩා දියණියක් සිටින රූමත් කාන්තාවක්....



සඳකඩ පහණක කැටයම් ඔපලා පාවෙන දේදුනු ලැගුම් ගනී.......


තනිව සිටින මේ කාන්තාවගේ ඇසුරට පිරිමි එනවා... පාවෙන දේදුනු වලින් උපමා වෙන්නේ ඔවුන්ව 



කැලතුනු රසයක පැන ආ බුබුලක් අකුරු වැලක් දෙහදක තනි වී......

මේ තහනම් ඇසුරේ කැලතුන රසය ගැන දන්නේ පැමිණෙන මිනිසාත් ගැහැණියත් පමණි.


සදකඩ පහණ කොපමණ අනගි නිර්මාණයක් උනත් ඒක පයට පෑගෙනවා,
ඒ වගේම මේ කාන්තාව කොච්චර ලස්සන උනත් සමාජයේ ගැරහුමට ලක් වෙනවා 

යුගයෙන් යුගයට නොමියෙන දහනක දිවියක පදනම මතු වෙද්දී 
නොපෙනෙන ඈතක ඈ ගෙනයනවා සියුමැලි කැකුලක් මැල වෙද්දී....
මේ විදියට දිගින් දිගටම මිනිසුන් ඇසුරුකරන මේ කාන්තාව ගණිකාවක් බවට පත් වෙනවා.. එතකොට ගැහැණියගේ දරුවා නිවසේ තනි වෙනවා. කැකුලකට උපමා කරලා තියෙන්නේ ඒ දියණිය,

දහසක් පෙති මත රහසක් සගවා තුඩින් තුඩට ගෙනයන බින්දු...
ඇයව ඇසුරු කරන මිනිස්සු ඇය ගැන තමන්ගේ යාළුවන්ටත් කියනවා.ඇය ගැන ආරංචිය රහසක් විදියට පැතිරෙනවා,

අහසක් ගුගුරා කළුවක් වපුරා ඒ හා මුසුවුණු වැහි බින්දු...
මේ කාන්තාව මේ කටයුත්ත කරන්නේ කැමැත්තෙන් නෙවේ... තම දරුවාගේ ජීවිතය වෙනුවෙන්,

ඈ ගෙන යද්දී නටබුන් අතරින් තවකෙකු ඈ වෙත හද රැන්දූ...
පැමිණෙන පුද්ගලයා අසුරුකරලා ඉවර උන ගමන් ඈ ඇසුරු කරන්න තව පුද්ගලයෙක් එනවා. මේ විදියට ඈට තම ජීවිතය ගැටගහා ගන්න මිනිස්සු රාශියකගේ ආශාවන් පිරිමහන්න වෙනවා,

හදවිල ඉපදුන කැකුලක් නොකලට නටුවෙන් ගලවා ඉවත යවා....
තමන්ගේ රැකියාවෙන් දියණියට සිදුවන අවමානය නැතිකර ගන්න තමන්ගේ දියණියව ඈතකට යවන්න මේ කාන්තාවට සිදු වෙනවා.දියණියට සිදුවන්නේ අකාලයේ අම්මව අතහැරලා යන්න,

මිහිලිය තෙත්කොට ගිලිහුන කදුලක් සත් සමුදුරකට මුහුව ගියා...
මේ කාන්තාව දියණියව වෙන තැනකට යවන්නේ ගොඩක් දුකෙන්.. ඒත ඇයට ඒක තවත් එක දුකක් පමණි,

ඔබට උරුම වූ රිදුනු තැවුණු හද එක්ටැම් මැදුරක කවුරු අරා 
රුවන් විමානෙන් පියබා එනතුරු පොපියන හදවත සිටි බලා....
මේ කාන්තාව තමන්ගේ දියණිය ඉගෙනගෙන ලොකු තැනකට ගිහින් තමන්ගේ අම්මව දුක්බර ජිවිතයෙන් මුදව ගන්න එනකන් ඇගිලි ගනිමින් බලන් ඉන්නවා.

  • Twitter
  • Beautifull love
  • You tube
  • Facebook
  • RSS




  මං පුංචි කාලේ ඉඳලම මගේ හිතේ මටත් නොදැනීම හරිම ලස්සන සිතිවිලි පහළ වුනා... මම දන්නේ නැ ඒ ඇයි කියලා... කාලයාගේ ඇවෑමෙන් මට තේරුණා ඒකට හේතුව... එයා ඉන්නේ  අත නුදුරු මානයේ. පුංචි කාලේ ඉඳම්ම අපි හොඳින් අඳුරනවා.. ඒ ලෙන්ගතු කම අපිටත් හොරෙන් අපේ හිත වල ලැගුම් ගත්තේ අපිට නොතේරෙන වයසේදිමයි..තරුණ කමත් එක්ක සිතිවිලි විසිරිලා යන්න පටන් ගත්තා .. අපි අපේ කියලා ලෝකයක් හදන්න හීන මැවුවා....

 එක්තරා තරුණ හදවත් දෙකක්... කුඩා අවදියෙහි පටන්ම එකිනෙකා හරිම සමීපෙන් ඇසුරු කළා... ඔවුන් ඔවුන්ගේ ජීවත වල ඔවුන් සමගම බොහෝ කාලයක් කළ ගෙවුවා... ඒ මිතු දම තරුණ සිතිවිලි සමග ප්‍රේමාන්විතයක් බවට පත් වෙන්න මේ හැමදේම බල පාන්න ඉඩ ඇති. ඔවුන් මොහොතකටවත් නොදැක ඉන්න නැතිව ඇති...

 නමුත් කල් ගත වෙනකොට අපිට මේ සමාජ ක්‍රමයත් එක්ක අපි අපි හරිම දුරස් කියල මට වැටහෙන්න පටන් ගත්තා... මොන දේ වුනත් අපිට අපි නැතිව බැරි වෙන්න තරමටම අපි ලං වෙලා.. එත ඒ සිනහවෙන් මම  ලෝකයක් දකිනවා.. මගේ මුළු ලෝකයම ඒ හිනාවෙන් හරිම ලස්සන වෙලා.. ඒත් ඒ හිනාව මට හිමි නැහැ. අපේ සම්බන්ධය දැනුනාම... එයාගේ දෙමව් පියන් අපිට තහංචි දැම්මා.. මගේ පව්ලේ අය හරිම අසරණයි.. එයාලට කරන්න පුළුවන් එකම දේ මට මේ දේවල් වලින් ඈත් වෙන්න කියන එකම විතරයි.. මටත් එයාව දකින්නේ නැතිව ඉන්නම බැහැ.. ඒත් එයාව බලන්න කිසිම විදියක් නැහැ.. හැම තැනිම්ම අපිට මුර දාල.

 අපි හිටියේ හරිම ලග නිවාස දෙකක ... එහා පැත්තේ ඉන්නේ එයාලා... ඒත් අපේ පුංචි පැලත් එක්ක එයාලගේ මහා මන්දිරේ................ අනේ මන්ද. ඒත් අපි හරිම ඈතක ඉන්නවා වගෙයි තේරුනේ. අපි දුප්පත් මිනිස්සු .. එයාලගේ හැමෝම හරිම ධනවත් කුලවත්... අපිට බැහැ,,, ඒ අයත් එක්ක පෑහෙන්න.. ඒ හැමෝම අපිට විරුද්ධයි .  ඒත් මොනේ දේ වුනත් අපි හදවතින් හැමදාම අපේ..

සමාජ ක්‍රමයත් එක්ක.. ධනය කුලය යන සාධක මත බොහෝ පෙම් සම්බදතාවන් වලට අද වගේම හැමදාම බාධක තිබුනා.. මේ හැමදේම වෙනකොට ආදරේ රසවත් කියලා කතාවට කිව්වත් ඒ රස ඇති වන්නේ දවසක එක් වන්නට හැකි උනොත් පමණයි, මෙම තරුණයා.. දිලිදු පවුලක උපන් අයෙක්.. ඔහුට කරන්නට කිසි දෙයක් නැහැ.. ඔහු තමාගේ හිතේ තියන දේ කියන්නේ.. එයින් හෝ යම් සැහැල්ලුවක් හිතට ලබා දෙන්න ..

 නිර්මාණ කරුවා බොහොම සැහැල්ලු වචන ප්‍රමාණයක් භාවිතයට ගනිමින්... කියන්නට අවැසි දේ ශ්‍රාවකයාට හදවතට දැනෙන්න යමක් කියන්න උත්සහ ගන්න බවක් පෙනේ. බොහොම සියුම් වදන් වලින් සමීප කරන මෙම ගීතය හදවතට දැනෙන්න ... සංගීතයත් ගායනයත් එක්මුසු වූ නිසා... බොහොම කාලයක් අපේ හදවත් වල ලැගුම් ගත් ගීතයක්.  පුනරුක්ති වැනි දෝෂ බැලූ බැල්මට පෙනුනත්... ඒ හැම දෙයක්ම පසකලා ශ්‍රාවක සිත් පිනවීමට හැකි වූ මෙම නිර්මානයත්... අපේ ගීත කලාවේ හරිම වැදගත් නිර්මාණයක්...
                      

                                         බුද්ධික සඳරුවන් සේනානායක 

  • Twitter
  • Beautifull love
  • You tube
  • Facebook
  • RSS

බලා සිටින්නෙමි

දෑස් කවුළු පියන් පත් වසා
හදින් සිතිවිලි ලෝකෙක පියමන් කර 
සිහින් සීතල හදට දැනෙන රෝස මල්
සෙනෙහසක පහසින් හද සසල වෙන විට....
දහස් වර උපදින දහස් වර මියැදෙන
මගේ සිදන්ගනාවිගේ නිම් නොවූ මතකය.....
අවසරයි දල්වන්නට  
දෙනෙත් අඩවන් කොට..සෙනෙහසේ පිපාසයෙන්
සෙනෙහසේ පහන් සිළුව ...
එන්න පියමන් කොට 
බලා සිටින්නෙමි.....

  • Twitter
  • Beautifull love
  • You tube
  • Facebook
  • RSS


  • Twitter
  • Beautifull love
  • You tube
  • Facebook
  • RSS


................................................සුමිත් ලියන /ඔබ මට හිමි වේ නම්.........................................
01 කොටස 


A/l පන්ති නැති නිසානින්ද යන්නේ නැති කමට උදෙන්ම නැගිටලා මුහුද පැත්තට ගියා.. මුහුදත් එක්කම පාලුවට ගිහිල්ලා.. කම්මැලි නිසා රැල්ල ටිකක් පාගන්න ගියා.. ඔන්න එතකොට කුමාරයා එනවා හතර වටේටම සිග්නල් දාගෙන.. 

"මොකද මල්ලි අද උදෙන්ම මුහුද පැත්තේ මාලුවෙක්වත් මරන්න ආවද..

"මචන් උබ එද්දී තරූ එහෙම දැක්කේ නැද්ද?ඌ මගේ ලගට අවේ ප්‍රශ්නාර්ථයකුත් දාගෙන ..

ඇයි බන් මම තරූ දැක්කනම් මෙතනට වෙලා රැලි පාගනවද..මමත් තව ප්‍රශ්නයකින්ම උත්තර දුන්නා
හරි හරි බන් ඕකට ඉතින් තද වෙන්න ඕනද ..වරෙන් යන්..”

මු මාවත් ඇදගෙන පාර පැත්තට යන්න හැදුවා ...මමත් මුව තල්ලු කරලා ජිවිතේට නොදැක්ක සතෙක් දැක්කා වගේ කුමාරයාගේ මුණ දිහා බැලුවා ..

මොකද උබ හොද මස් කෑල්ලක් දැක්කා වගේ මගේ මුණ දිහා බලන්නේ ?වරෙන් යන්න...

බලපල්ලකො මුගේ කතාව .හරියට මු මගේ තාත්තා වගේනේ.. ඒ මදිවට සද්දෙකුත් දාගෙන

“”උබ සේරටම කලින් කියපන් කුමාරයා . උබ කොහෙද මේ මාව උගුලකට තියන්න යන හාවෙක් වගේ ඇදගෙන යන්නේ ..

මචන් මම දැන් එද්දී කඩේ මුදලාලි කතා කරලා කිව්වා උබවත් එක්කගෙන කඩේ පැත්තේ එන්න කියල.. 

ඒ මොකෝ බන්..?” 

මම උබට තරූ සෙට් කරලා දුන්නා කියලා නඩුවක්වත් විබාග කරන්නද..? අපරාදේ අද සමපෝෂ ගුලියක් කාලා එන්න තිබ්බේ ..

මම එහෙම කිව්වේ සමපෝෂ වලට බුද්දිය ආවර්ජනය වෙනවා කියලා අහලා තියෙන නිසා..”

එහෙම වෙන එකක් නැ බන් අද මාමන්ඩියාගේ මුඩ් ඒක හොදයි වගේ..”

හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් මාමන්ඩියා.. උබ දැන්ම තරූ බැදලා ඉවරද බන් උබ මාමන්ඩියා කියලා කියන්නේ..

මු මට ඒ විදිහට කිව්වට මුගේ කුකුල් මුණ දැන්මම පැත්තකට ඇද වෙලා ...

සුමියා උබ ඉස්සර වෙයන් මචන් ..

මු කඩේ ලගදි මාව ඉස්සරහට දැම්ම...ඌ තදයා වගේ ආවට කඩේ දැක්කම කකුල් දෙක හරියට තුන් මාසයක් කාල නැ වගේ වෙවූලනවා..

මුදලාලි මාමේ කොහොමද..?”

අපි ඒක කිව්වේ බොක්ෂින් ක්‍රීඩකයෝ තරග ආරම්බ කරද්දී දෙකට නැමිලා කිව්වා වගේ ....

ආ..පුතාලා හොදයි හොදයි...

දියකිරටත් බළල්ලු සාක්කියි කිව්වා වගේ මෙන්න මුදලාලිය පිස්සු කියවනවා හොර කොල්ලෝ කියලා කතා කරන මුදලාලිය අද පුතාලාලු.. 

එන පොට නම් හොද නෑ කුමාර මේකා අපිව කඩේ යවන්නද කොහෙද හදන්නෙ..

මම පුතාලට එන්න කිව්වෙ වැදගත් කාරණයක් ගැන කතා කරන්න.. මම හිතන් ඉන්නවා මගේ වියදමින් ඔයාලත් එකතු කරන් මේ පාර ගමේ වෙසක් කූඩුවක් හදන්න.. සුමිත් පුදා වගකීම බාරගන්නවා නම් හොදයි..

ඔන්න ඔහොමනෙ තියෙන්න ඕන.. මුදලාලියා මේක මටම කිව්වෙ කාගෙත් හිත හොද වැඩක් හරියට කරන්න ගමේ වැදගත් තරුණයා මම නිසා වෙන්න ඇති.. නිව්ස් එක නම් පට්ට.. කනට මී පැණි දැම්මා වගේ.. කුමාරයත් හිනාවක් දැම්මා කට පුරවලා.. හැබැයි මම දැක්කා මුදලාලි මාමා එහෙම කියනකොට කුමාරයගෙ මූණ හරියට 100ට අරන් 10ට දුන්නා වගේ වෙනවා..

ඔය කොහොම උනත් ගමේ මොන ජරා වැඩේ කරත් අපිට වගකීමකින් වැඩක් බාර කලොත් එලටම කරනවා කියලා ගමේ අයත්, මුදලාලිත් හොදට දන්නවා.. ඒකයි අපිටම වැඩේ පංගාත්තු කලේ..

මුදලාලියගෙ පිත් අතේ වැඩේ අහලා අපි අපේ සොදුරු නවාතැනට ගියා.. ඒ වෙනකොට එතනට ගමේ කොල්ලො සෙට් එකම ඇවිල්ලා හිටියා.. හැමදාම වගේ කුමාරයා වැඩ්ඩා වගේ ගිහින් සභාව අමතන්න පටන්ගත්තා..

ලොවෙත් නෑ.. ලොවි ගහෙත් නෑ මචංලා.. අසව්! අසව්!..

මූ යට ගිරියෙන් කෑ ගැහුවෙ සිරි මාමා මූට කොස්සක් අරන් පන්නගෙන එනවා වගේ.. අසව්! අසව්! කියද්දිම කොල්ලො සෙට් එක ඇවිත් කුමාරයව වටකර ගත්තා..

මෙවර වෙසක් උත්සවය නිමිත්තෙන් කඩේ හොර මුදලාලියා විසින් කැරකෙන වෙසක් කූඩුවක් නිර්මාණය කිරීම සදහා මා හට බලතල පවරන ලදී..

මේකා මේ හොර මුදලාලියා කිව්වෙ දැන් මුදලාලි මාමෙ කියලා කට ඇරලා කියපු මනුස්සයට නේද.. තූ තෝ.. ඒක පැත්තකින් තියමුකො.. බලපල්ලකො මූ කියපු බොරුව.. මූටලු සියලු බලතල පැවරුවෙ.. මගේ කට කන්න එපැයි ඉතිං.. කුමාරයට තේරුණා මට කේන්ති ගියා කියලා.. ඌ හෙමීට සද්දෙ පොඩ්ඩක් අඩු කලා..

සමාවෙයල්ලා.. මට නෙමෙයි ඈ.. අපේ කොල්ලො සෙට් එකටම පවරන ලදී..

එහෙම කියලා කටක් ගන්න ලැබුනෙ නෑ.. මෙන්න කොල්ලො ටික මෙතන දහඅට සන්නිය නටන්න පටන්ගත්තා..

එදා අපි ගෙවල් බලා සක්මන් කලේ දහසකුත් බලාපොරොත්තු හිතේ තියාගෙන.. මොකද අපි කරන්න යන පලවෙනිම හොද වැඩේනෙ.. මොන කරදර ආවත් අපේ සෙට් එක මේකට සෙට් වෙනවා කියලා මගේ හිතේ ලොකු බලාපොරොත්තුවක් ඇතිවුණා.. ඒ වෙන මොකවත් නිසා නෙමෙයි හොද මාටිය පාරකුත් දෙන්න පුලුවන් නිසා..  කතා කරගත්තු විදියට අපි අපේ වැඩේට බැස්සා.. කුමාරයා, ජයන්ත, දමියා, බොක්කෙන්ම ගේමට බැහැලා වැඩේ ටොප් එකටම කරා.. අපි හිතුවටත් වඩා වෙසක් කූඩුව ලස්සනට නිර්මාණය කරන්න අපිට පුළුවන් වුණා..

දවස් ටික ගෙවිලා ගියේ ඇගටවත් නොදැනි A/l ක්ලාස් පටන් ගන්නත් දවස් ළග ළගම එනවා.. වෙසක් කූඩුව හැදුවට පස්සෙ ගමේ කට්ටියගෙන් බුදු සැලකිලි.. අනේ  හැමදාම වෙසක් තියෙනවා නම්  කියලා මට නිකමට වගේ හිතුනා.. වෙසක් කූඩුව හැදුවට පස්සෙ එළියටවත් බහින්න බැරිවුණා.. ඒ තරමටම ඇගට අමාරුයි.. කාපු කට්ට තාම මතක් වෙනවා..


සුමියෝ... සුමියෝ.. සුමියෝ..

සංසාරේ බවේ දුකා.. මේ කුමාරයා නේද යකෝ මොර දෙන්නෙ..? නිදහසේ ටිකක් ඇලට් එකක් දාන්න හදනකොටම මේකා කඩාපාත් වෙනවනෙ.. ෂික්..!

බල්ලා පනීවි තාප්පෙට උඩින් කිව්වලු.. මූ ආවෙ ඇයි කියලවත් අමතක වුණා මූව දැක්ක පාර මට.. රීබෝන් ටී-ෂර්ට් එකකුත් දාගෙන, බෙකම් වගේ කොන්ඩෙ පීරලා.. අඩිඩාස් ඩෙක්ෂුස් දෙකක් දාලා.. මූ පන්සලේ පින් කැටේවත් කැඩුවද කියලා මට ඒ වෙලාවෙ හිතුනා..

මොකෝ බොල මහසෝනා දැක්කා වගේ මගේ දිහා බලන්නෙ.. මං නිකන් රිතික් රෝෂන් වගේ නේද සුමියො..

මේකා කටු බොඩිය පොඩ්ඩක් එහාට මෙහාට කරලා කිව්වා.. අනේ මුගේ බොඩිය..

ආයෙ පිස්සුවක් ඇතෑ.. එකෙන්ම උඹ රිතික් රෝෂන්ගෙ.. නෑ නෑ ඒවා ඕන නෑ.. මුලින්ම කියපන් මොකෝ උඹ කිට මරලා මේ පැත්තට බැස්සෙ කියලා..?

නෑ බං සුමියා.. අද මට හිතුනා තරූ බලන්න උමත් එක්ක මගේ හයිබ්‍රිඩ් එකෙන් යන්න..

මේකා මේ හයිබ්‍රිඩ් එක කියලා කිව්වෙ මුගේ මේ කුටු කුටු යන්තරේට.. නැත්නම් මේකට කොහෙද හයිබ්‍රිඩ්..

අර මොකටෙයි උඹ මාවත් ඇදගෙන යන්නෙ..? යකෝ තමන්ගෙ කෙල්ල බලන්න එක එකා එක්ක එහෙම යනවද..?

පිස්සුද සුමියො.. උඹ මගේ හොදම ෆිට් එක.. ඒකි දන්නවා උඹ ගැන.. මම උඹ මොන වගේ එකෙක්ද කියලා ඒකිට කියලා තියෙන්නෙ.. වරෙන් වරෙන් ඇදුමක් දාගෙන..

අම්මද බොල.. මේකා මගේ ගැන මොනවා කියලද දන්නෑ ඒකිට.. මොකෝ ඉතින් මම මේ ජීවිත කාලෙටම හොද වැඩකට කියලා කලේ අර වෙසක් කූඩුව හැදුව එක විතරනෙ.. ඒකෙනුත් මාටිය පාරක් ගැහුවානෙ..

.........................මතුසම්බන්දයි ................................

  • Twitter
  • Beautifull love
  • You tube
  • Facebook
  • RSS