ඔබට වරම් නැති.......

http://www.youtube.com/watch?v=JXVEuAWzzxI

පද රචනය - රන්ජිත් රූබසිංහ
සංගීතය     - නාලක අංජන කුමාර 
ගායනය     - කරුණාරත්න දිවුල්ගනේ

හාහා පුරා කියල කරන පළමු ආදරය කොයි තරම් අපේ හදවත් තුල ලැගුම් ගන්නවද... නමුදු, ඒ සුන්දරත්වය හැමදාම විඳින්නේ කීයෙන් කි දෙනාද.. බොහෝ දෙනෙකුගේ මේ ආදරය බොහොම ටික කාලයයි...කෙටි කාලෙකින් හෝ කාලෙකට පසුව හෝ මෙය බිඳිලා යන්නේ... බොහෝ මතක යන් හදවත් වල සන්තර්පණය කරමින්......

ඔබට වරම් නැති මටද වරම් නැති
සෙනෙහස කොතනද සැගව ගියේ 
ඉවත ගලා ගිය කඳුලක සිරවී
ප්‍රථම ප්‍රේමයයි  බොඳව ගියේ.........

නුඹේ සෙනෙහස මටවත් මගේ සෙනෙහස නුම්බටවත් හිමි නැහැ... අපි ඒ තරමට වාසනාවන්තයින් නෙවෙයි.. මේ අපිට අහිමි සෙනෙහස අපෙන් ඈත් වෙලා ඇත්තටම කොහෙද සැඟවෙලා ගියේ...නෙතින් ගලා ගිය කඳුලක යතාර්ථය උනේ හදවතේ උපන් සොඳුරුම පළමු පෙම බොඳ වෙලා යාමයි....

ඔහුට පුදන්නට පුජාසනයේ
නොකිලිටි මල් පිපුනිද ළඳුනේපෙති 
පෙති ගිලිහි ගිය පරසතු කුසුමක 
සුවඳ කොහේ කොතැනද රැඳුනේ.....

ඔහුගේ ආදරය පසකලා ඇය පිටව යයි..කිසියම් හෝ හේතුවකින් ඇයට ඔහුගේ ආදරය අත අරින්නට සිදු වෙන්න ඇති.. මොන හේතුවක් මාත් හෝ මෙලෙස වෙන්ව යන ඇය .. අවසානෙදි ඇය තව හා කෙනෙකු සමග විවාහ වුවාය.. ඔහුට ඇගෙන් ලැබුනේ ඇගේත් පළමු ආදරයමය... එය හරියට නොකිළිටි මලක් වගේ.. ප්‍රේමයේ පුජාසනයෙන්  නැවතත් ඒ මල් මිට අරගෙන තවකෙකුට පුදන්න තරම් නොකිළිටි වෙන දිව්‍ය විමානෙන් ගෙන ආ පරසතු වන් මල් පිපෙනවාද?..... පෙති ගිලිහුණු එවන් පරසතු කුසුමක සුවඳ කොහෙද කොතැනද රැඳුනේ... මට කියන්න....

ආ මග වැරදි ඔහුද ඔබද මා
දෛවයේ  තුන මංසල හමුවේ
බලා හිඳිනු මිස හඩා වැටෙන්නට
කදුලක් නැහැ දෙනුවන පිපුනේ.....

අපි ආ ගමන් මග වැරදියි.. මට දැන් තමා වැටහෙන්නේ... අපි දෙන්නා විතරක් නෙමේ... ඔහුද ඔබද මමද මේ සරදමින් ජීවතේ තුං මංසලක තනි වෙලා... නමුත් ඇත්ත වශයෙම්ම තනි වුනේ මම... කමක් නැහැ... මම යන්නම් .. සත්තකිම්ම.... මගේ දෙනුවන් වල කඳුළු අහිමි වුනේ... දුක නැතුව නෙමේ.. මේ ඇස් වලින් වැහෙන්න කඳුළු දැන් නැති තරමටම මගෙන් කඳුළු වෙන්වෙලා ගිහින්,,, බලා නොයිඳ මම වෙන මොනවා කරන්නද...


ඇය මගෙන් වෙන්වී හමාරයි... ඇ ගැන නැත කහටක් මම බලාගෙන ඉන්නම්... නුඹ සතුටින් යන්න මගේ හිතේ ඇති ලෙන්ගතු කම කියන්න ඕන නැහැ මට... ඒ මට නුඹ අහිමි නිසා......

                                                                                                    බුද්ධික සඳරුවන්.

  • Twitter
  • Beautifull love
  • You tube
  • Facebook
  • RSS

2 comments:

Buddhika Sandaruwan said...

ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්

Unknown said...

patta machan

Post a Comment