ලස්සන ආදරය

http://www.youtube.com/watch?v=rZyOZpJR81I



එදා මෙදා තුළ කඳුලට විවර වූදෑස් පියන් පත් කවුළු වසාළයේ ගලා ගිය සෙනේහයේ සුවසිනා පෙරූ රත් දෙතොල පියාමිලාන වී ගිය රෝස කුසුම් පෙතිකම්මුල් සුදුමැලි පාට පොවාදෑත ලයේ බැඳ අවසන් ගමනටසොඳුරිය මට නොකියාම ගියා.......


 දෑස් කවුළු පත් පලා කඳුළු කැට
වෑහෙද්දී මගෙ දෑස් අගින්
කාත් කවුරුවත් වෙතත් හිතයි මට
පාත් වෙන්න ඔය මුවට උඩින්
ඈත්ව යන්නට සමුගෙන කවුරුත්

ඔබෙ මුව දොවතත් සුවඳ පැනින්
මාත් මගේ හිතටත් ඔබ සුවඳයි
ඈත් නොවේමයි ඒ සුවඳින්


ඊයේ ඉපදී අද මිය යන්නටපෙරුම් පුරාගෙන උපන් ලයේහීයේ වේගෙන් අහස උසට බැඳිආදර ලෝකය හෙටත් තියේඒත් ඉතින් දැන් සොඳුරියෙ ඔබ නැතඇයි මේ ලොව මා තනිව ගියේආයේ දවසක එක හිත් ඇත්තන්වී අපි ඉඅදෙමු එකට ප්‍රියේ.....

අපි දෙන්නගේ ලෝකය පටන් ගත්තු එදා මෙදා තුල ..ඔයාගේ ඇස් වලින් ගලාගෙන වැටුනේ කඳුලුවිතරයි.. ඒත් ඒ දෑස් තුලින් ඔයා අපේ ජිවිතේ ලස්සන ආදරයක් දැක්කා,, අද ඔය නෙතු කවුළු වැහිලා...හදවතට නැගුනු සෙනෙහස හඬ නගපු ඔය දෙතොල් අද මා ඉදිරියේ ගොළු වෙලා.. ඔයාගේ රෝස පාට කම්මුල් රෝස පෙති වගේ අද මිලින වෙලා ගිහින්.. ඒ රෝස පාට අද සුදු මැලි වෙලා.. මගේ දෑතම අල්ලාගෙන සෙනෙහසින් පියමන් කල ඔය දෑත් මටත් හොරෙන් ඔය ළය මඩලේ තුරුළු කරන් මගේ රත්තරන් මාව අතැරලා... මගේ ආදරේ නැති වෙයි බයට මුළු ලෝකෙම අතැරලා මටත් නොකියාම යන්න ගිහින්.... <3

මගේ දෑස් කවුළු පියන් කඩාගෙන බින්දගේන කඳුලු මහා සාගරයක් පාත් වෙනකොට මයේ දෑස් අගින්ම.. ඒ මොනවා උනත්.. මුළු ලෝකෙම බලාන හිටියත් මට හිතෙන්නෙම මගේ රන්කදට එදා වගේම මුවට උඩින පාත් වෙලා ඔය මුව සිප ගන්න.. ඔයා අපේ ලෝක වලින් ඈත් වෙලා යන නිසාම හැමෝම ඔයාගේ සුවඳ නැති බව පසක් කරමින්.. සුවඳ පැනින් ඔයාව නැහැවුවත්...මගේ රත්තරනේ.. සත්තමයි.. ඔයාගේ සුවඳ කවම දාකවත් මටවත් මගේ හිතටවත් ඈත් කරන්න බැහැ.. ඉස්සර වගේම මට ඔයාගේ සුවඳ අදටත් හැම දාකමත් දැනෙනවා... <3


ඔයයි මමයි ආදරෙන් පිරුණු ලෝකයක් හදලා මහා ගොඩක් කල් නැති වුනත්.. අපේ ආදරේ අහස උසට නැග්ගේ හීයක්‌ තරම් වේගෙන්.. ඒ ආදරේ ඊයේ අද වගේම හෙටත් තියනවා මගේ රත්තරන්... ඒත් දැන් ඔය දැන් නැහැ.. මට කියන්න... ඇයි මාව අතැරලා ඔයා මාව තනි කළේ.... දැන් හැමදේම ඉවරයි.... ඒත් මගේ වස්තුව අපි අපේම වෙලා අයෙත් මතු ආත්ම වලදී එකටම ඉපදෙමු.......<3

  • Twitter
  • Beautifull love
  • You tube
  • Facebook
  • RSS

1 comments:

Anonymous said...

නියමයි බං.... දිගටම කරන් පලයන්..

Post a Comment